Tweets edit කිරීමේ හැකියාව ලබා දීමට Twitter එක කටයුතු කර​යි

Tweets edit කිරීමේ හැකියාව ලබා දීමට Twitter එක කටයුතු කර​යි

ඔබට මතක ඇති පසුගිය අප්‍රේල් මාසයේදී Twitter සමාගම විසින් Tweets Edit කිරිමේ හැකියාව ලබා දීමට බලාපොරොත්තු වන බවට නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා. ඒ අනුව ඔවුන් විසින් ඔවුන්ගේ Twitter Blue Lab පරිශීලකයන් සදහා මෙය ලබා දී පරික්ෂා කිරිමට නියමිත බව දක්වා තිබුණා.

ඊයේ දිනයේදී Twitter Blue නිල Twitter ගිණුම ඔස්සේ පළ කර තිබෙන Twitter සටහනට අනුව Twitter සමාගම විසින් ඔවුන්ගේ Blue Lab පරිශීලකයන් සදහා නිල වශයෙන් Tweet Edit කිරිමේ පහසුකම ලබා දීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් මෙලෙස Tweet Edit කිරිමේ හැකියාව ලැබෙන්නේ කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සදහා පමණයි. එමෙන්ම ඉදිරි දින කිහිපය තුල එක්සත් ජනපද සදහාත් මේ පහසුකම ලබා දිමය නියමිත බව ඔවුන් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් Twitter සමාගම විසින් පළකර ඇති තවත් Tweet එකට අනුව ඔවුන් විසින් මේ පහසුකම අනෙක් රටවල් සදහාත් ඉක්මනින්ම ලබා දීමට බලාපොරොත්තු වන බව දක්වන්න පුලුවන්. එමෙන්ම Twitter Blue පහසුකම මේ වන විට ලබා ගත හැක්කේ කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් ජනපද යන රටවල් හතරට පමණක් වන බැවින් මෙලෙස අනෙක් රටවල් සදහා Tweet Edit පහසුකම ලබා දීමේදි එම රටවල් සදහාත් Twitter Blue පහසුකම ලබා දී මේ Edit පහසුකම ඒ හරහා ලබාදේ ද, නැතිනම් එලෙස නොමැතිව ලබාදේ ද යන්න පිළිබඳ තවත් නිල වශයෙන් තොරතුරු පළ කර නොමැති වනවා.

මෙලෙස Tweet Edit කිරිමේ පහසුකම භාවිත කිරිමේදී Edit කිරිමට පෙර තිබු Tweet එක කුමක්ද යන්න සියල්ලන්ටම දැක ගත හැකි වන අතර අවසානයේදී හෝ මෙම විශේෂාංගය හදුන්වා දීමට Twitter සමාගම කටයුතු කිරිම පිළිබඳ බොහෝ Twitter පරිශීලකයන් සතුටු වන බව නිසකයි.

Sources: TwitterBlue GsmArena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna