ඇමරිකාවට Spotify වගේ, ලංකාවට YMusic

ඇමරිකාවට Spotify වගේ, ලංකාවට YMusic

ලංකාවට Spotify සපෝට් නෑනෙ, ඕක ගන්න කට්ටිය හෙන ගේමක් දෙනවනෙ. සල්ලිත් ගෙවාගෙන. ඒ මුකුත් නැතුව සුපිරිම Music Streaming App එකක් නොමිලේම ගන්න පුළුවන් නම් කොහොමද? Spotify වලටත් වඩා සිංදු ගොඩක් තියෙන එකක්? එහෙනම් මේ ලිපිය අනිවාර්යෙන් කියවන්න.

YMusic Android App එකෙන් ඔයාට පුළුවන් YouTube එකේ තියෙන සිංදු සාමාන්‍ය Mp3 Player එකකින් වගේ අහන්න, ඒ වගේම අවශ්‍ය සිංදු audio format එකකින් download කරගන්න. ඔයාට ඕන නම්, ප්ලේ වෙන සිංදුවක වීඩියෝ එකත් මේකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම, ඔයාට අවශ්‍ය නම් පුළුවන් ඔයාගෙ Google (YouTube) ගිණුමට මේ ඇප් එක හරහා ලොග් වෙලා, සිංදු වලට ලයික් කරන්න, චැනල් වලට Subscribe කරන්න, YouTube එකේ ප්ලේ ලිස්ට් හදන්න, ඒවට Subscribe කරන්න වගේ දේවල්.

ඒ වගේම ඔයාට පුළුවන් මේ App එක සාමාන්‍ය Mp3 Player එකක් වගේ වුණත් භාවිතා කරන්න, ඒ කිව්වෙ, download කරලා තියෙන audio files, play කරන්නත් පුළුවන්. සුපුරුදු පරිදි මම පහළින් Screenshots ටිකකුත් දාන් යන්නම්, ඒ ටිකත් බලන්න.

YMusic එකේ නියම වැඩ ටික තියෙන ඇප් එක Google Play Store එකේ නම් නෑ, Play Store එකේ තියෙන්නෙ Cut down version එකක්. නියම app එක බාගන්න මෙන්න මෙතනින් (https://ymusic.io/) යන්න. සුපුරුදු පරිදි මේකෙදිත් apk file එක බාලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.

අලුත්ම ලිපියකින් නැවතත් මුණගැහෙමු.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara