ඇසෙහි චලන මගින් බොරු හඳුනා ගැනීම සඳහා Patent බලපත්‍රයක් ලබා ගැනීමට Xiaomi සමාගම සමත් වේ

ඇසෙහි චලන මගින් බොරු හඳුනා ගැනීම සඳහා Patent බලපත්‍රයක් ලබා ගැනීමට Xiaomi සමාගම සමත් වේ

බොරු, ඉතින් අපි හැමෝම එදිනෙදා ජිවිතයේදී කියනවනේ. හැබැයි ඒවා අල්ලන්නත් ක්‍රම තියෙනවා. ඉතින් ඇත්තටම කෙනෙක් බොරු කියනවද නැද්ද කියල බොරු කියන එක්කෙනාගෙන් අහල වැඩක් නැති නිසා, කියන්නේ බොරුවක් ද ඇත්තක් ද කියල බලා ගන්න මිනිස්සු එක එක Techniques පාවිච්චි කරලා බැලුවා. ඉතින් තාක්ෂණික වශයෙන් මේකට මුල් ම විසඳුම 1921 දී හදුන්වල දීපු Polygraph Technology එක. ඉතින් එදා ඉඳන් බොරු හඳුනා ගැනීමේ ප්‍රමිතිය විදියට මේක තමයි සලකන්නේ.

Polygraph

මේ අතරේ Xiaomi ආයතනය විසින් ලබා ගත්තු Patent එකට අනුව ඔවුන් විසින් මෙන්න මේ බොරු Efficient විදියට හඳුනා ගන්න නව උපාංගයක් සැලසුම් කරමින් පවතිනවා. මේක වෙන්නේ මෙහෙමයි, හිතන්නකෝ කවුරුහරි මොනවහරි දෙයක් කියනවා; අන්න එතකොට මේ Device එක එයාගේ ඇස් වල කණීනිකාවෙ Movements Utilize කරලා එයා කියන්නේ ඇත්තක් ද බොරුවක් ද කියල තීරණය කරනවා.

ඇසෙහි කණීනිකාව

ITHome විසින් තවදුරටත් වාර්තා කර සිටින්නේ Xiaomi ආයතනය විසින් "Polygraph Method, Device, Mobile Terminal සහ Storage Medium” සඳහා patent බලපත්‍රය ලබා ගෙන ඇති බව ය. මේ මගින් ඉහත තාක්ෂණය හෝ ක්‍රමය සඳහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් මෙතැන් පටන් Xiaomi සතු වනු ඇත. මීට Telephoto Pan-tilt Camara එකක් අඩංගු වන අතර මෙය බොරු හඳුනා ගැනීමේ ක්‍රියාවලියේ දී මුහුණේ ඉරියව් ග්‍රහණය කර ගැනීම සහ ඇසෙහි කණීනිකාවෙහි චලනයන් නිරීක්ෂණය කිරීමට භාවිත වනු ඇත. මෙම Camara එක මගින් මුහුණේ Image එකක් ලබා ගෙන ඉන් පසුව ඔහුගේ ඇසෙහි කණීනිකාවෙහි චලනයෙහි ගමන් පථය අධ්‍යනය කිරීම මගින් බොරු කියනවා කියන එකට අදාළ Conditions සපුරනවා ද බලනවා.

Source: XiaomiPlanet

ඒ වගේම මේ සම්බන්ධ Study එකකින් අධ්‍යනය කරලා තියෙන විදියට අක්ෂි චලන සහ කණිනිකාවෙහි විස්තාරණය කියන්නේ කෙනෙක් බොරු කියනවද කියල බලන්න ගොඩක් උදව් වෙන දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක් බොරුවක් කියද්දී එයාගේ කණීනිකාව ආරම්භක විශ්කම්භයෙන් 4%-8% ප්‍රමාණයකට විස්තාරණය වෙනවත් එක්කම ප්‍රශ්නය ඇසීමට පෙර පැවති අගය මෙන් අට ගුණයකින් ඇස් පිහ ගැසීම සිදු කරන බවටද අනාවරණය කර ගෙන තිබෙනවා. ඉතින් කවුරුහරි මේ ලක්ෂණ පෙන්නනවා නම් ඔහු කියන්නේ බොරුවක් වීමට වැඩි සම්භාවිතාවක් පවතිනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara