2020 තෙවන කාර්තුවේදී Apple අභිබවමින් Xiaomi ගෝලීය ජංගම දුරකතන වෙළඳපලේ තෙවන ස්ථානයට පත්වේ

2020 තෙවන කාර්තුවේදී Apple අභිබවමින් Xiaomi ගෝලීය ජංගම දුරකතන වෙළඳපලේ තෙවන ස්ථානයට පත්වේ

2020 වර්ෂයේ මුල් කාර්තු දෙකම COVID-19 වසංගතය නිසා ලෝකයේම ආර්ථිකයන් කඩා වැටුනු කාර්තු දෙකක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ආර්ථික අර්බුදයට ජංගම දුරකතන වෙලඳපලටත් මුහුණ පෑමට සිදුවුනා.

නමුත් COVID-19 වසංගතය පාලනය කරගැනීමට සමත් වීමත් සමඟම 2020 තෙවන කාර්තුවේදී පළමු හා දෙවන කාර්තු දෙකේදීම මුහුන පෑමට සිදු වූ පසුබෑම වෙනුවට ඉතාමත් හොඳ පිබිදීමක් ලබා ගන්නට සියළුම ජංගම දුරකථන නිෂ්පාදකයන් සමත් වී තිබෙනවා.

2020 මුල් භාගයේදී සියල්ලන්ම පරදවා ජංගම දුරකතන වැඩිම ප්‍රමාණයක් ship කරන ලද සමාගම බවට Huawei සමාගම පත් වූ බව අප විසින් මීට පෙර ඔබට වාර්තා කලා ඔබට මතක ඇති. ඒ ඇමරිකාව සහ තවත් රටවල් කිහිපයක වෙළඳ සම්බාධක හමුවේ වීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙවර Samsung සමාගම මීට පෙරදී තමන්ට අහිමු වූ මුල් ස්ථානය නැවත වතාවක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. Huawei ආයතයනාට මෙවර දෙවන ස්ථානයට පසු බසින්න සිද්ධ වෙලා තිබුණත් කාලයක් පුරාවට පවත්වාගෙන ආ දෙවන ස්ථානයේම රැඳී සිටින්නට Huawei සමාගම සමත් වෙලා තියෙන්නේ ඇමරිකාව දෙසින් එන දැඩි ආර්ථක කෙනෙහෙලිකම් අතරේ වීම විශේෂත්වයක්.

මීට පෙර තෙවන ස්ථානයේ සිටි Apple සමාගම මෙවර හතර වන ස්ථානය දක්වා පසු බැස ඇති අතර මීට පෙර Apple සමාගමට හිමිව තිබූ ස්ථානය ලබා ගැනීමට Xiaomi සමාගම සමත් වී ඇති බව නවතම IDC report ඔස්සේ හෙලිවී තිබෙනවා.

Samsung සමාගම නැවත වතාවක් මුල් ස්ථානයට පත් වූවත් ඒ සඳහා වැඩි ධායකත්වයක් ලබා දී ඇත්තේ $250ට අඩු ජංගම දුරකතන වල අලෙවිය ඉහල යෑමත් සමඟයි. මෙම වසරේදී නිකුත් කල Note 20 Series එකේ ජංගම දුරකතන වලට හිතුවාට වඩා ඉල්ලුමක් නොලැබුනත්, මිඑන් අඩු ජගම දුරකතන වලට ඇති ඉල්ලුම ඉහල යාම මීට හේතුව වී ඇති බව එම වාර්තාවේ පහතාකාරයට සඳහන් වී ඇත.

The strong performance in the under $250 price segment and the online channel where its M series models did quite well

IDCහි වාර්තාවට අනුව මෙම කාර්තුවේදී Xiaomi සමාගම උපාංග මිලියන 46.5ක් ship කර ඇති අතර එයින් වැඩිම ප්‍රමාණයක් ship කර ඇත්තේ චීනයට සහ ඉන්දියාවටයි. එමෙන්ම Redmi K30 Ultra සහ Mi 10 Ultra යන ජංගම දුරකතන දෙකම මෙම 42%ක වර්ධනයට දායක වී ඇත.

Apple සමාගමේ 2019 තෙවන කාර්තුවට වඩා 2020 තෙවන කාර්තුවේ shipments 10.6%කින් පහල ගොස් ඇති අතර මෙයට ප්‍රධානතම හේතුව වූයේ Apple සමාගම පෙර වර්ෂයන් 12කදීම පාහේ තම නවතම ජංගම දුරකතන නිකුත් කිරීම සිදු කරනු ලැබුවේ සෑම වසරකම සැප්තැම්බර් මාසයේ වීම සහ එම මාසයේදී iPhones සඳහා දැඩි ඉල්ලුමක් පැවතීමත්, 2020 වර්ෂයේඩී එම රටාවෙන් මිදී හතර වන කාර්තුවට අයත් වන ඔක්තෝම්බර් මාසයේදී iPhone 12 series එක නිකුත් කිරීමත්‍ ය.

එම හේතුව නිසා Xiaomi සමාගමට Apple සමාගම අභිබවා යෑමට හැකියාව ලැබී ඇති අතර Xiaomi සමාගම මේවන තුරු මෙම වාර්ථාවේ ලබාගත් ඉහලම ස්ථානය මෙය වනවා.

Source: Business wire, IDC

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara