MIUI Gallery Sync පහසුකම නවතා දැමීමට Xiaomi තීරණය කර​යි

MIUI Gallery Sync පහසුකම නවතා දැමීමට Xiaomi තීරණය කර​යි

විවිධ වටිනාකමින් සහ විවිධ විශේෂාංග රාශියක් අන්තර්ගතව දුරකථන සමාගමක් වන Xiaomi සමාගම විසින් Xiaomi මාදිලියේ දුරකථන සඳහා ලබා දී තිබූ Gallery Sync පහසුකම ඉවත් කිරීමට තීරණය කර ඇත. පෙර පැවතුනේ Xiaomi Cloud වෙත Gallery Sync කිරීම සඳහා වුවත් ආසන්න දිනක දී Kacper Skrzypek විසින් නිකුත් කළ Twitter පණිවුඩයක සඳහන් වන්නේ එම සමාගම විසින් ඉදිරියේදී Xiaomi Cloud වෙත සිදුකරන Gallery Sync පහසුකම ඉවත් කරන බවයි.

මෙම අක්‍රීය කිරීම සිදුකරන දිනයක් පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශ කර නැතත් එය ඉදිරියේදී ඉක්මණින් සිදුකරන බව විචාරකයන් සඳහන් කරයි. නමුත් චීනය තුළ සිටින Xiaomi පරිශීලකයන් සඳහා Gallery Sync පහසුකම අඛණ්ඩව පවතින බව වැඩිදුරටත් සඳහන් කරයි. කෙසේ නමුත් මෙම සේවාවට පරිබාහිරව පවතින අනෙකුත් සේවා වන Contacts, Messages සහ Notes, Xiaomi Cloud වෙත Back up කිරීම සඳහා පරිශීලකයින් වෙත ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බව සඳහන් කරයි.

මෙලෙස නුදුරේදී Gallery Sync පහසුකම සඳහා Xiaomi Cloud ඉඩ ලබා නොදුන්නත් ඔවුන් සඳහන් කරන්නේ ඒ සඳහා පරිශීලකයන් හට Google Photos භාවිතා කිරීමට හැකි බවයි. Xiaomi Cloud වෙත Photos සහ Videos backup කිරීමේ පහසුකම බොහෝ විට ඉදිරි වර්ෂය ආරම්භ වන විට ඉවත් විය හැකි අතර පරිශීලකයන් සඳහා දැනුම් දෙනු ලබන්නේ හැකි ඉක්මණින් backups Google Photos වෙත Upload කිරීමට කටයුතු කළයුතු බවයි. එලෙස backup කිරීම සඳහා අදාල පියවර කිහිපයක් තම පාරිභෝගිකයින් සඳහා නිකුත් කර ඇත.

Gallery Sync පහසුකම සඳහා Google Photos භාවිතා කිරීම

Xiaomi Cloud වෙතින් එක් පරිශීලක ගිණුමක් සඳහා 5GB ඉඩ ප්‍රමාණයක් නොමිලේ ලබා දී තිබුණත් පරිශීලකයාගේ අවශ්‍යතාවය මත එම ඉඩ ප්‍රමාණය ගෙවීමකින් අනතුරුව වැඩි කර ගැනීමට අවස්ථාව සලසා දී තිබුණි. කෙසේ නමුත් මෙලෙස එම සේවාව අක්‍රීය කිරීම තුළින් සිදුවන අපහසුතාවය අවම කිරීම සඳහා එලෙස ගෙවීමක් සිදුකළ වලංගු ගිණුම් සඳහා නැවත ආපසු ගෙවීමක් (Refund) සිදුකරන බවයි.

Sources: xiaomiui.net www.reddit.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara