තම නිෂ්පාදන මිලදී ගැනීමේදී පෘතුගාල වැසියන්ට Cryptocurrency භාවිතා කිරීමේ පහසුකම Xiaomi සමාගම ලබා දේ

තම නිෂ්පාදන මිලදී ගැනීමේදී පෘතුගාල වැසියන්ට Cryptocurrency භාවිතා කිරීමේ පහසුකම Xiaomi සමාගම ලබා දේ

මේ වෙන විට ලොව ප්‍රමුඛතම තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙක් වෙන Xiaomi සමාගම විසින් Cryptocurrency මගින් තම නිෂ්පාදනය මිලදි ගැනිමේ හැකියාව පෘතුගාලය සදහා ලබා දි තිබෙනවා.

ඒ අනුව පෘතුගාලය තුල පවතින ඕනැම Xiaomi Official Retailers හෝ Mi Store මගින් Cryptocurrency මගින් ගෙවා Xiaomi උපාංග මිලදි ගැනිමේ හැකියාව ලැබෙනවා.

Cryptocurrency භාවිතයෙන් තම උපාංග මිලදි ගැනිමට අවස්ථාව ලබා දිමේ අත්හදා බැලිමක් ලෙස Xiaomi සමාගම විසින් පෘතුගාල තුලදි Cryptocurrencies වෙන Bitcoin, Ethereum, Tether හෝ Dash මගින් උපාංග මිලදි ගැනිමේ හැකියාව ලබා දි තිබෙනවා. ඒ අනුව Xiaomi සමාගමේ ඕනැම ඉලෙක්ට්‍රොනික උපාංගයක් මෙලෙස මිලදි ගත හැකි බවයි වාර්තා වෙන්නේ. මේ සදහා Xiaomi සමාගම විසින් ස්විට්සර්ලන්ත Cryptocurrency Payment Service Provider කෙනෙක් වෙන Utrust සමග හවුල්කාරිත්වයෙන් කටයුතු සිදු කරනවා.

Source: Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna