Xiaomi සමාගම විසින් Ultra Wide-angle Shots ලබා ගත හැකි Movable Camera Setup එකක් සදහා Patent බලපත්‍ර ලබාගනී

Xiaomi සමාගම විසින් Ultra Wide-angle Shots ලබා ගත හැකි Movable Camera Setup එකක් සදහා Patent බලපත්‍ර ලබාගනී

Xiaomi කියන්නේ Smartphone Industry එක තුල ඔවුන්ගේ නවතම නිෂ්පාද තුලින් කැපි පෙනෙන වෙනසක් ඇති කිරිමට සමත් වු සමාගමක් බව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. නිවරදිවම කියනව නම් Smartphone Industry එකේ සිටින නව සොයා ගැනිම්වල මුලිකයා ලෙස Xiaomi සමාගම දක්වන්න පුළුවන්.

Xiaomi සමාගම දැන් චලනය කල හැකි Camera පද්ධතියක් සහිත නව Camera Setup එකක් සදහා Patent බලපත්‍ර ලබාගෙන තිබෙනවා. ඔවුන් මේක Movable Camera System එකක් විදිහට හදුන්වනවා.

Patent බලපත්‍ර ලබා ගැනිමට ඉල්ලුම් කල Documentවල සදහන් වන පරිදි මේක චලනය කල හැකි ද්විත්ව Cameraවක් විදිහට සදහන් කරන්න පුළුවන්.  ඒ කියන්නේ මේ මගින් / Camera චලනය කිරිමෙන් Camera Viewing Angle එක වෙනස් කල හැකි වෙනවා. මෙලෙස Viewing Angle එක වැඩි කිරිම තුලින් Field of view එක වැඩි කර ගත හැකි වෙනවා. සරලවම කියනව නම් මේ චලනය කල හැකි Camera Setup එක මගින් අපිට ඉතා විශාල පරාසයක Wide-angle Image එකක් Capture කර ගැනිමේ හැකියාව පවතිනවා.

Viewing Angle එක වෙනස් කල හැකි Camera 02 ක් සහිතව මේ Camera Setup එක ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා. මෙහි චලනය කල හැකි, එනම් Viewing Angle එක වෙනස් කල හැකි Camera දෙක තිරස්ව පිහිටුවා තිබෙනවා.

මේ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක් දැයි තවම පැහැදිලි නොවන අතර මේ Patent බලපත්‍රය ලබා ගැනිම තුලින් ඔවුන්ගේ Smartphone සදහා ඉතා පුලුල් පරාසයක wide-angle shots ලබා ගැනිමට මෙන්ම ඉතා හොද Detailed Wide-angle Photo එකක් Capture කිරිමේ හැකියාව ලබා දිමය උත්සාහ කරන බව කියන්න පුළුවන්. මේ Camera Setup එක තුලින් ultra-wide shots ලබා ගැනිමට Smartphone එකට හැකියාව ලබා දෙනු ඇත. නමුත් ඔවුන් මේ Camera Setup එකට නම් Zoom හා Macro shoot ගැනිමේ හැකියාවක් ලබා දිලා නැ.

කෙසේ නමුත් Smartphone එකක් සදහා Moving parts එකතු කිරිම තුලින් එය භාවිතය යම්තාක් දුරට හෝ අපහසු වන බව නිසකයි.

ඒ වගේම ඔබට මතක ඇති අප කලිනුත් Xiaomi සමාගමේ මේ අකාරයේ නව නිෂ්පාදන කිහිපයක් සදහාම Patent බලපත්‍ර ලබා ගැනිම් ගැන ලිපි ගෙනාවා.

Sources - LetsGoDigital‘s , Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara