Xiaomi සමාගම විසින් නිර්මාණය කරන ලද telescopic camera එකක් පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරයි

Xiaomi සමාගම විසින් නිර්මාණය කරන ලද telescopic camera එකක් පිළිබඳව නිල වශයෙන් නිවේදනය කරයි

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Camera Technologies වැඩි දියුණු කිරිම සදහා නව Camera Team එකක් පත්කර තිබෙනවා. ඒ වගේම මේ Camera Team එක මගින් වැඩිදියුණු කරන ලද නව Camera Technology එකක් සහිත Telescopic Camera Setup එකක් පිළිබඳව Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Mi Developers Conference (MiDC) හි දි නිවේදනය කරනු ලැබුවා.

මේ නව Camera Technology එක මගින් 300%ක් පමණ වැඩියෙන් ආලෝකය ලබා ගත හැකිවන පරිදි Retractable Design එකකින් යුතු Periscopic lens එකක් හදුන්වා දෙන්න හැකියාව ලැබි තිබෙනවා. ඒ වගේම මේ නව Technology එක සහිත lens එක මගින් 20% පමණ වැඩි ගුණාත්මකභා⁣වයෙන් යුතු ජායාරූපයක් ගැනිමේ හැකියාව ද ලැබි තිබෙනවා.

Xiaomi's Mobile Phone Department එකේ ප්‍රධානි වෙන Zeng Xuezhong පවසන ආකාරයට මේ Lens එක ඔවුන් සාම්ප්‍රදායික Cameraවල ආභාෂය ලබා ගෙන නිර්මාණය කර තිබෙනවා. එමෙන්ම ඔහු වැඩි දුරටත් පවසන්නේ මේ නව Retractable Lens Technology එක මගින් lens එකට විශාල Aperture එකක් ලබා ගැනිමට හැකි වෙන නිසා 300%ක් පමණ වැඩි ආලෝක ප්‍රමාණයක් ලබා ගැනිමේ හැකියාව ලැබි තිබෙනවා. මේ මගින් අඩු ආලෝක තත්ව යටතේ ඉහල ගුණාත්මකභාවයකින් යුතු ජායාරූපයක් ගැනිමට හැකියාව ලැබෙන බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.

ඒ වගේම මේ Retractable Lens එක Anti-shake Technology එකින් ද සමන්විත වෙනවා. මේ Technology එක නිසා වඩා හොද Image Stability එකක් ලබා ගත හැකියි. Imageවල Sharpness එකත් 20% පමණ මේ Lens Technologies මගින් ඉහල දැමිය හැකි වෙනවා. ඒ වගේම මේ Retractable Lens එක මගින් ජායාරූප ගැනිමේ දි අත සෙලවිමක් සිදු වුවද එය ජායාරූප සදහා බලනොපාන බවත් ඔවුන් දක්වනවා.

Weibo වෙත Xiaomi සමාගම විසින් නිකුත් කර ඇති Demo Video එකට අනුව මේ Lens එක මගින් ජායාරූප ගන්නා අවස්ථාවලදි lens එක ඉවතට පැමිණෙන අතර ජායාරූප නොගන්නා විට එය එය ඇතුලට හැකිලෙනවා. මේ සමස්ත ක්‍රියාවලියම ඉතා ඉක්මනින් සිදුවෙන අතර ජායාරූපයක් ගැනිමට සිදු වන ප්‍රමාදය මේ මගින් අවම වන බවත් දක්වා තිබෙනවා. Xiaomi සමාගම විසින් තවමත් මේ නව Technology එක එළිදැක්වන දිනයක් පිළිබඳව ප්‍රකාශයට පත් කර නොමැති අතර තවමත් මෙය වැඩිදියුණු කරමින් සිටින තාක්ෂණයක් වන බව කිව යුතුයි.

Sources : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara