Xiaomi සමාගම විසින් මාර්තු 29 වන දින තවත් එක් Redmi Note මාදිලියේ ජංගම දුරකතනයක් ගෝලීය වශයෙන් නිකුත් කිරීමට සූදානම් වේ

Xiaomi සමාගම විසින් මාර්තු 29 වන දින තවත් එක් Redmi Note මාදිලියේ ජංගම දුරකතනයක් ගෝලීය වශයෙන් නිකුත් කිරීමට සූදානම් වේ

Xiaomi සමාගම විසින් මේ මස 29 වෙනි දින ඔවුන්ගේ Redmi Note Smart Phone Series එකේ නව Device එකක් එළිදැක්විමට සුදානමින් සිටින බවට නිල වශයෙන් ඔවුන්ගේ Twitter ගිණුම ඔස්සේ සටහන් කර තිබෙනවා.

ඒ අනුව Xiaomi සමාගම විසින් මෙලෙස ඔවුන් විසින් දැනට නිකුත් කර ඇති බලගතුම Redmi Note Smart Phone එක, නැතිනම් ‘most powerful Redmi Note Smart Phone' එක එළිදැක්වීමට නියමිතව තිබෙනවා. ඔවුන් විසින් ‘Ultimate’ යනුවෙන් හදුන්වනු ලබන මේ Device එක Xiaomi සමාගම විසින් නිකුත් කරන ලද Most Powerfulම Device එක වෙන බවයි ඔවුන් දක්වන්නේ.

තවමත් ඔවුන් විසින් නිල වශයෙන් මේ Device එක පිළිබඳ කිසිදු තොරතුරුක් නිකුත් කර නොමැති වුවත් වාර්තා වෙන තොරතුරුවලට අනුව පසුගිය වසර ඔක්තෝම්බර් මාසයේදි චීනය සදහා Redmi Note 11+ Pro 5G නමින් මෙන්ම ඉන්දීයාව සදහා Xiaomi 11i HyperCharge නමින් නිකුත් කරන ලද එකම Device එක මෙලෙස ගෝලීය වෙළෙඳපොළ සදහාත් Redmi Note 11 Pro+ 5G ලෙසින් නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

ඒ අනුව මේ Redmi Note 11 Pro+ 5G Smart Phone එක 120Hz Display Refresh Rate එකකින් සමන්විත අගල් 6.67ක FHD+ AMOLED Display එකකින් යුතු වෙන අතර MediaTek Dimensity 920 Chipset එක මගින් බලගැන්වෙනු ලබනවා. මෙහි RAM එක සදහා LPDDR4x RAM එකකුත් Internal Storage එක සදහා UFS 2.2 Storage එකකුත් භාවිත වෙනු ඇති අතරම 108MP Wide Primary Camera Lense එකකින් සමන්විත Triple Camera Setup එකකින් සමන්විත වෙනවා.

මීට අමතරව dual stereo speakers, side-mounted fingerprint sensor ආදි අමතර පහසුකම් රැසකුත් ලබා දි තිබෙනවා. Android 11 OS එක මත පදනම් වු MIUI 12.5 Version එකෙන් සමන්විත මෙය සදහා Xiaomi සමාගම විසින් 4,500mAh Battery එකක් ලබා දී තිබෙන අතර එය 120W Fast Charging සදහාත් සහය දක්වනු ලබනවා.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara