ළඟදීම තම නිෂ්පාදන වල මිල ඉහල යා හැකි බව Xiaomi සමාගමේ සභාපති විසින් ප්‍රකාශ කරයි

පසුගියදා පවතී මුල්‍ය හමුවකදී Xiaomi සභාපති මේ පිළිබඳව අදහස් පළකරනු ලැබුවා.

ළඟදීම තම නිෂ්පාදන වල මිල ඉහල යා හැකි බව Xiaomi සමාගමේ සභාපති විසින් ප්‍රකාශ කරයි

ලොව මේ වන විට මුහුණපා ඇති chip හිඟය හේතුවෙන් සමාගමේ වියදම් ඉහළ යා හැකි බවත්, එහි ප්‍රතිපලයක් ලෙස තම නිෂ්පාදන වල මිලද වැඩි කිරීමට සිදු විය හැකි බවත් ලොව තෙවනි විශාලම smartphone නිෂ්පාදකයා වන Xiaomi සමාගමේ සභාපති Wang Xiang පසුගිය 24දා ප්‍රකාශ කර තිබුණා.

"අප අනිවාර්යෙන් hardware devices උපරිම ඵලදායි ලෙස මිල කරන" බව ඔහු එහිදී කියා සිටියා.

"ඇත්තටම අප පාරිභෝගිකයින්ට දිය හැකි හොඳම මිල ලබා දීමට කටයුතු කරනවා. නමුත් ඇතැම්විට, මේ වියදම් ඉහල යාම පාරිභෝගිකයින්ටත් දැනෙන්න පිළිවන්", ඔහු තවදුරටත් සඳහන් කළා.

චීනයේ chip ආනයනය ඉහල ගොස් ඇති අයුරු. Image: Bloomberg

මේ වන විට ලොව පුරා පවතින chip හිඟය විවිධ කර්මාන්ත වලට දැන් දැනෙන්න පටන්ගෙන තිබෙනවා. Covid-19 වගේම චීන සමාගම් වලට එරෙහි සම්බාධකත්, ඉල්ලුමට සරිලන සැපයුම දීම සඳහා සුදානම් නොවීමත්, මේ හිඟය ඇතිවීමට බලපෑ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

Xiaomi සමාගමේ ප්‍රධානම සැපයුම්කරුවෙකු වන Qualcomm සමාගමද මේ වන විට, ඉල්ලුමට සරිලන සැපයුමක් දීමට අපොහොසත් වී ඇති බව වාර්තාවනවා.

"යම් පීඩනයක් දැනුනත්, අපේ අනාගතය සුභදායි" යැයි, ආයෝජකයින් හමුවේ Wang Xiang අවසානයේ කියා සිටියා.

Source: Reuters

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara