Xiaomi සමාගම ජංගම දුරකතන සඳහා භූමිකම්පා අනතුරු ඇඟවීමේ පද්ධතියක් හඳුන්වාදීමට සූදානම් වේ

Xiaomi සමාගම ජංගම දුරකතන සඳහා භූමිකම්පා අනතුරු ඇඟවීමේ පද්ධතියක් හඳුන්වාදීමට සූදානම් වේ

Xiaomi සමාගම විසින් 2010දි පමණ ඔවුන්ගේ Custom MIUI ROM ඔස්සේ භුමිකම්පා අනතුරු ඇගවිම් පද්ධතියක් Xiaomi Smartphone හා Smart Tv සදහා ලබා දෙන්න කටයුතු කරනු ලැබුවා. මේ භුමිකම්පා අනතුරු ඇගවිම් පද්ධතිය Chengdu High-tech Disaster Mitigation Institute එකේ සහයෝගයෙන් යුතුව ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව 2019 වෙන විට මේ භුමිකම්පා අනතුරු ඇගවිම් පද්ධතිය මගින් Magnitude 4.0 සහ ඊට විශාලත්වයෙන් වැඩි භුමිකම්පා 35ක් පිළිබඳව සාර්ථකව හදුනාගෙන තිබෙනවා. මේ අනතුරුව ඇගවිම් පද්ධතිය මගින් අනතුරු ඇගවිම් පණිවිඩ මිලියන 12.64කට ආසන්න ප්‍රමාණයක් මේ වෙන විට නිකුත් කර තිබෙනවා.

මෙලෙස භුමිකම්පා පිළිබඳව අනතුරු ඇගවිම් තොරතුරු Xiaomi Devices වෙත නිකුත් කිරිමට අමතරව Smartphone  හරහා භුමිකම්පා නිරීක්ෂණය කිරිමේ හැකියාව ලබා දිමට මේ වෙන විට ඔවුන් කටයුතු කරමින් සිටිනවා. මේ සදහා Smartphone එකේ පවතින Sensors භාවිත කල හැකි බවයි ඔවුන් දක්වා තිබෙන්නේ. ඒ අනුව Smartphone එකට භුමිකම්පා පිළිබඳව තොරතුරු Real Time නිරීක්ෂණය කිරිමේ හැකියාව ලැබෙනවා.

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ මේ තාක්ෂණය සියලුම Xiaomi Smartphone සදහා ලබා දිමට බලාපොරොත්තුවෙන් සිටින අතර MIUI 12.5 භාවිත කරන Users ලා සදහා මේ වෙන විට Earthquake Monitoring Volunteer කෙනෙක් විට සදහා Apply කිරිමේ පහසුකම ලබා දි තිබෙනවා. මෙලෙස Smartphone එක මගින් ලබා ගන්නා භුමිකම්පා පිළිබඳව දත්ත භුමිකම්පා පුර්ව අනතුරු ඇගවිම් පද්ධතිය තුලට ලබා ගන්නා අතර ඒ මගින් එම ස්ථානයේ භුමිකම්පාවක් සිදුවි ඇත්දැයි තිරණය කර එලෙස භුමිකම්පාවක් සිදුවි ඇත් නම් එම තොරතුරු නැවත Xiaomi Devices වෙත ලබා දිමට කටයුතු කරනවා.

මෙලෙස Earthquake Monitoring සදහා එක් වෙන Devices සමස්ත ක්‍රියාවලිය තුලම User Data නොමැතිව නිර්නාමිකව ක්‍රියාත්මක වෙන අතර ඒ තුලින් Userගේ පෞද්ගලිකත්වයට හානි විමක් සිදු වෙන්නේ නැ. දැනට චීනය සදහා මේ හැකියාවන් ලබා දෙන අතර ඉදිරියේ දි සමහර විට රටවල් කිහිපයකට පමණක් මෙය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara