Xiaomi සමාගම විසින් Pop-up Selfie Camera Setup එකක් සහිත Foldable Smartphone එකක් සදහා Patent බලපත්‍ර ලබා ගනී

Xiaomi සමාගම විසින් Pop-up Selfie Camera Setup එකක් සහිත Foldable Smartphone එකක් සදහා Patent බලපත්‍ර ලබා ගනී

Foldable Smartphone කියන්නේ ජංගම දුරකතන නිපදවන සමාගම් මේ වන වැඩි වශයෙන් අවධානයක් යොමු කර තිබෙන අංශයක් බව කියන්න පුළුවන්. Samsung සමාගම මේ වන විට Foldable Smartphone නිපදවිමේ ප්‍රමුඛයා වි සිටින අතර මේ වන විට Xiaomi, LG, HTC, Oppo මෙන්ම Apple සමාගමත් තමන්ගේම Foldable Smartphone එකක් නිපදවිම පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව Xiaomi සමාගම විසින් Pop-up Selfie Camera Setup එකක් සහිත Foldable Smartphone එකක් සදහා Patent බලපත්‍ර ගොනු කර තිබෙනවා.

මේ Patent බලපත්‍රයට අනුව අපිට Pop-up Selfie Camera Setup එකක් සහිත Foldable Smartphone එකක් බලාගන්න පුළුවන්. මෙහි ප්‍රධාන Folding Display එකට අමතරව Secondary Display එකකුත් අඩංගු කර තිබෙනවා. මේ Device එකේ Folding Display එකේ Size එක Tablet Device එකක මෙන් වෙනවා.

ඒ වගේම Triple Rear Camera Setup එකක් ලබා දි තිබෙනවා. මෙහි Secondary Display එක මදක් විශාල Bezelවලින් යුතු වෙනවා. Folding Display එක මගින් නම් අපිට Full Display View එකක් බලාගැනිමේ හැකියාව පවතිනවා. ඒ වගේම මේ Device එක සදහා ලබා දි තිබෙන Pop-up Selfie Camera Setup එක Foldable Display එකේ දි වගේම Secondary Display එකේදිත් භාවිත කිරිමේ හැකියාව පවතිනවා.

තවමත් මේ Device එක පිළිබඳව වැඩිදුර තොරතුරු නොමැති වුවත් මේ Patent Application එක සදහා ඔවුන් ඉදිරිපත් කර ඇති Design එක මගින් අපිට මෙය Xiaomi සමාගම ඉදිරි Foldable Smartphone එකක් විය හැකියි අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඉදිරියේදි මේ Foldable Smartphone පිළිබඳව නිල වශයෙන්ම තොරතුරු ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Sources : Gizmochina, LetsGoDigital

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara