Redmi Note 11 අලෙවිය වැඩි කරගන්න නොමිලේ McDonald's Burgers

Redmi Note 11 අලෙවිය වැඩි කරගන්න නොමිලේ McDonald's Burgers

Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Redmi Note 11 Series එකේ ජංගම දුරකථන අලෙවිය වැඩි කර ගැනිම සදහා සිදු කරනු ලබන අමුතුම ආකාරයේ දීමනාවක් පිළිබඳව තුර්කියෙන් වාර්තා වෙනු ලබනවා.

මෙම අමුතුම ආකාරයේ දීමනාව ලබා දීම සදහා Xiaomi සමාගම සමග එකතු වී සිටින්නේ සුප්‍රසිද්ධ Fast Food වෙළෙඳ සමාගමක් වෙන McDonald සමාගමයි. ඒ අනුව Xiaomi සමාගම විසින් ඔවුන්ගේ Redmi Note 11 Series එකේ ජංගම දුරකථන මිලදි ගන්නා පාරිභෝගිකයන් හට නොමිලයේ McDonald’s Burgers ලබා දීම සිදු කරනවා.

කෙසේ වෙතත් මෙය තුර්කිය තුල පමණක් දැනට ක්‍රියාත්මක වෙන දීමනාවක් වෙන අතර මෙය වෙනත් රටවල් සදහාත් Xiaomi සමාගම විසින් ලබා දෙනු ඇති දැයි යන්න පිළිබඳ තවමත් පැහැදිලි නොමැති අතර මේ පිළිබඳ Xiaomi සමාගමේ නිල Instagram ගිණුම ඔස්සේ ද සටහනක් පළ කර තිබෙනවා.

මෙම දීමනාවට අනුව Redmi Note 11 Series එකේ ජංගම දුරකථන මිලදි ගන්නා පාරිභෝගිකයන් හට විශේෂ McDonald’s Coupon එකක් ලැබෙන අතර මෙම Coupon එක මගින් McChicken Based Menu options (burgers) එක සමග Ice Cream Sundae ලබා ගත හැකි වෙනවා.

Source: Gizmochina, Xiaomi.turkey

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna