මෙම වසරේ අවසානයට පෙර MIUI 13 නිකුත් වන බව නිවේදනය කරයි

මෙම වසරේ අවසානයට පෙර MIUI 13 නිකුත් වන බව නිවේදනය කරයි

Xiaomi සමාගමේ නිර්මාතෲ Lei Jun විසින් ඉදිරි ප්‍රධාන MIUI Versions පිළිබඳව යම් ඉඟි කිහිපයක් ලබා දී ඇත. MIUI 13හි UI එකෙහි වැඩිදියුණු කරන ලද වෙනස්කම් රාශියක් ගෙන එනු ඇති බවත් සඳහන්.

එසේම Xiaomi සභාපති විසින් තම දුරකථන වල මිල ඉහළ යා හැකි බව කී ප්‍රවෘත්තියත් අප ඔබ වෙත ගෙන ආවා.

මෙහිදී Lei Jun විසින් Xiaomi හි Android Skin එක වන MIUI හි මීළඟ සංස්කරණය වන MIUI 13 මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට නියමිත බව තහවුරු කළේය. එයත් සිරිත් පරිදි චීන සංස්කරණයට පසු අන්තර්ජාතික සංස්කරණය නිකුත් වනු ඇති.

දැනට leak වී ඇති MIUI 13 හි screenshots. Image: NotebookCheck

MIUI 12.5 හි කැපී පෙනෙන විශේෂාංගයක් වූ Redmi Note 11 Series එක සඳහා තිබූ Battery Optimization පහසුකම තවදුරටත් වැඩි දියුණු කරනු ඇති අතර UI නවීකරණයක් සිදු කරන බවත් ඔහු සඳහන් කර තිබුණි.

මේ MIUI 13 සුපුරුදු පරිදි, Android 11 සහ Android 12 ධාවනය වන දුරකථන වෙත ලබා දෙනු ඇත.

Source - GSM Arena

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara