තවත් අඩු මිල Mi Band එකක් - Mi Band 4C

ජනප්‍රිය Mi Band එකේ තවත් අලුත් version එකක් මේ වෙනකොට Xiaomi සමගම release කරලා තියෙනවා.

තවත් අඩු මිල Mi Band එකක් - Mi Band 4C

ජනප්‍රිය Mi Band එකේ තවත් අලුත් version එකක් මේ වෙනකොට Xiaomi විසින් release කරලා තියෙනවා. Mi Band 4C එහෙමත් නැත්නම් Redmi Band කියල හඳුන්වන මෙය Mi band 4 සහ 5 වල එකතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

දැනට මැලේසියාවේ පමණක් release කර ඇති මෙය ළඟදීම අනෙක් රටවලටත් නිකුත් වෙන්න නියමිතයි.

Specs සහ අනෙක් විශේෂාංග

Mi Band 4C (වම) හා Mi Band 5

බැලු බැල්මට කලින් Mi Bands වලට වඩා 4C band එක වෙනස් බව ඔබට පේනවා ඇති. එලිය වගේම ඇතුලත් පොඩි පොඩි වෙනස්කම් වෙලා තියෙනවා.

කලින් තිබුන AMOLED Screen එක වෙනුවට දැන් තියෙන්නේ අඟල් 1.08 TFT colour screen එකක්. ඊට උඩින් scratch resistant tempered glass එක.

Mi Band 4ටත් 5ටත් වඩා විශාල 130mAh බැටරියක් ඇති Mi Band 4C එකේ battery life එක නම් සඳහන් වෙන්නේ දවස් 14ක් විදිහට. (කලින් දෙකේ දවස් 20ක්)

අනෙක් වෙනස තමයි charge කරන්න කලින් වගේ wire එකක් ඕනේ නෑ. කෙලින්ම USB port එකට connect කරන්න පුළුවන්.

Tracking Features විදිහට ඔබට Steps Count එක, Distance, Calories, 24/7 heart-rate monitoring හා sleep monitoring වගේම Sports Modes 5ක්ද ලැබෙනවා.

අනෙක් Mi Bands වගේම මේකෙත් 5ATM water resistant තාක්ෂණය තියෙනවා. ඒ හින්ද වතුරෙන් පරිස්සම් කරගන්න අවශ්‍ය වෙන්නේ නෑ.

මිල

දැනට මේකේ මිල සඳහන් වෙන්නේ ආසන්න වශයෙන් ඩොලර් 23ක් විදිහට. නමුත් Global Model එකේ මිල තීරණය කරන්න වෙන්නේ නම්, globally release වුනාට පස්සේ තමයි.

කොහොම වුනත් මේ අලුත් band එක, Mi Band 4ටත් 5ටත් වඩා මිලෙන් අඩු වෙන බව නම් කියන්න පුළුවන්.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara