චීනයට පමණක් සීමා වෙමින් නිකුත් කල Mi 11 ජංගම දුරකතනය ගෝලීය වශයෙන් එලි දැක්වීමට Xiaomi සමාගම සූදානම් වේ

චීනයට පමණක් සීමා වෙමින් නිකුත් කල Mi 11 ජංගම දුරකතනය ගෝලීය වශයෙන් එලි දැක්වීමට Xiaomi සමාගම සූදානම් වේ

Xiaomi සමාගමේ නවතම Flagship Smart Phone එක වෙන Xiaomi Mi 11 Smart Phone එක පසුගිය දිනක චීනයේදි නිල වශයෙන් එළිදැක්වුවා. මෙය Qualcomm Snapdragon 888 Chipset එක මගින් බලගැන්වෙන ලොව පළමු Smart Phone එක වගේම In Box Charger එකක් අඩංගු නොවන පළමු Android Smart Phone එකද වෙනවා. ඒ වගේම අවශ්‍ය නම් Charger එක සමගත් එකම මිලකට මේ Smart Phone එක මිලදි ගැනිමට Xiaomi සමාගම අවස්ථාව ලබා දි තිබෙනවා.

නිකුත් කිරිමේ දි චීනයට පමණක් සිමා වු මේ Smart Phone එක Xiaomi සමාගම විසින් මේ වන විට ලොව පුරා බෙදා හැරිමට සුදානමින් සිටිනවා. ඒ අනුව Xiaomi සමාගම විසින් මේ වන විට ඔවුන් නිල Twitter ගිණුම මගින් “Mi 11 Series Global Launch Coming Soon.” යනුවෙන් සටහනක් පල කර තිබෙනවා. ඒ වගේම දැනට තිබෙන තොරතුරුවලට අනුව Xiaomi Mi 11 Smart Phone එක මැයි මස 11 දින Globally නිකුත් කිරිමට නියමිතව පවතිනවා. ඒ වගේම මේ Xiaomi Mi 11 Smart Phone එකේ Pro Version එකකුත් ඉදිරියේදි ඔවුන් හදුන්වා දිමට සුදානමින් සිටන බවටත් මේ වන විට තොරතුරු වාර්තා වෙනවා.

පසුගිය දින චීනයේදි නිකුත් කරන ලද Xiaomi Mi 11 Smart Phone එක මුල් මිනිත්තු 05 තුලදි දුරකථන 350,000 පමණ අලෙවි වි ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම මේ Smart Phone එකට Pre Orders 850,000 පමණ ලැබි තිබුණා.

Xiaomi Mi 11 Specifications

මේ Xiaomi Mi 11 Smart Phone එකේ අගල් 6.81ක 2K Display එකක් බලාගන්න පුළුවන්. මෙහි Refresh Rate එක 120Hz වෙන අතර Touch Sampling Rate එක 480Hz ද මෙහි Screen Resolution එක 3200 x 1440 පමණ වෙනවා. මේ සදහා Gorilla Glass Victus Protection එක Xiaomi සමාගම විසින් ලබා දි තිබෙනවා.

ඒ වගේම Xiaomi සමාගමේ මේ Flagship Smart Phone එකට ඔවුන් භාවිත කරල තියෙන්නේ Qualcomm Snapdragon 888 Chipset එක. මෙහි 12GB ද Internal Storage එක 256GB ද වෙනවා. ඒ වගේම මෙහි In Display Fingerprint Scanner එකක් වගේම Heart Rate Scanner එකක් ඇතුලත් කරන්නත් මොවන් කටයුතු කර තිබෙනවා.

MI 11 Smart Phone එක සදහා මොවුන් Triple Camera Setup එකක් ලබා දි තිබෙන අතර මෙහි Primary Sensor එක f/1.85 ක Aperture එකක් සහිත 108MP Sensor එකක් වෙනවා. අනිත් Sensor දෙක විදිහට අංශක 120 Field of view එකක් සහිත 13MP Super Wide Angle Len එකක් හා 5MP Telephoto Macro Len එකක් ලබා දි තිබෙනවා. Selfie හා Video Calling සදහා 20MP Front Camera එකක් ලබා දි තිබෙනවා.

Android 11 OS එක වගේම MIUI 12 මත ධාවනය වෙන මේ සදහා MIUI 12.5 Version එකත් මේ වන විට නිකුත් කර තිබෙනවා. 4600 mAh Battery එකකින් යුතු මේ සදහා 55 Wired Fast Charging Technology එක වගේම 50W Wireless Charging Technology එකත් Support කරනවා.

Source : Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara