Xiaomi සමාගමට දෙවන විශාලතම දුරකථන නිෂ්පාදක නාමය අහිමි වෙයි?

Xiaomi සමාගමට දෙවන විශාලතම දුරකථන නිෂ්පාදක නාමය අහිමි වෙයි?

2021 ජූලි මස අවසන් වන විට Apple සමාගම තව දුරටත් ලොව දෙවන විශාලතම smartphone නිෂ්පාදකයා නොවන ප්‍රවෘත්තිය අපට අහන්නට ලැබුණා. දිගු කාලයක් ඔවුන් සිටි මෙම ස්ථානයෙන් පහලට වැටෙන්න සිදු වුයේ චීන Xiaomi සමාගමේ ශීඝ්‍ර වර්ධනයත් සමගයි.

කෙසේ නමුත් දැන් IDC වෙබ් අඩවිය ප්‍රකාශ කරන ආකාරයට නැවතත් මෙම ස්ථාන දෙක මාරු වී තිබෙනවා. ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන වලට අනුව Apple සමාගම 2021 තෙවන කාර්තුවේ මිලියන 50.4ක smartphone සංඛ්‍යාවක් ship කොට තිබෙන අතර Xiaomi 'නැව් ගත කර ඇත්තේ' ඊට වඩා මිලියන 6.1ක් පමණ අඩු සංඛ්‍යාවකුයි. එය පමණක් සලකු විට Apple සමාගමට Xiaomi පසු කිරීමට හැකියාව ලැබෙනවා.

iPhone 13 දුරකථන පෙළ. Image: Apple

නමුත් ඔබ හොඳින් දන්නා ලෙසට මෙම වර්ධනයට හේතු වුයේ iPhone 13 දුරකථන පෙලේ නිකුතුවයි. එනම් මේ වසරේ අවසන් කාර්තුවේ මෙම ස්ථාන නැවත වරක් වෙනස් වීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා. එසේම කාර්තුවකට කෙතරම් දුරකථන සංඛ්‍යාවක් නැව් ගත කරාද (shipped) යන්නට අමතරව එම අගය වාර්ශිකවද, දුරකථන වල මිල අනුපාතද මෙහෙදී බොහෝ දෙනා සලකා බලනවා.

එනම් මෙතැනදී වී ඇත්තේ, iPhone 13 දුරකථනය නිකුත් වීම නිසා පසුගිය මාස 4හි Apple සමාගම Xiaomi ට වඩා මිලියන 6.1ක් පමණ වැඩි දුරකථන ප්‍රමාණයක් නැව් ගත කර තිබීමයි. මේ සමගම Apple පසු කර Microsoft සමාගම ලොව වටිනාම සමාගම වූ පුවතත් අප ඔබට වාර්තා කළා. එයත් මේ ආකාරයේම පරතරයකින්.

සාර්ථක දුරකථන පෙළක්ම මේ වසරේදීත් නිකුත් කිරීමට Samsung සමාගමට හැකි වුවා. Image: Tech ET/YouTube

කෙසේ නමුත් අංක එකේ සිටින Samsung සමාගමේ මෙම කාලය තුල එම අගය මිලියන 69ක් (ඒ අංකේ කොහේ ගියත් හම්බෙනවා නේද) බවට වාර්තා වනවා. 4 සහ 5 ස්ථාන හිමි කරගෙන ඇත්තේ පිළිවෙලින් Vivo සහ Oppo යන නිෂ්පාදකයින්. කෙසේ නමුත් කළෙක Samsung සමාගමටත් අභියෝගයක් වී තිබු Huawei සඳහා පැනවූ Android තහනම නිසා ඔවුන්ට මුල් ස්ථාන 10හි වත් ස්ථානයක් හිමි වී නෑ.

Source: Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara