බැටරි ධාරිතාවය 10%කින් වැඩි කරන නව තාක්ෂණයක් Xiaomi සමාගමෙන්

බැටරි ධාරිතාවය 10%කින් වැඩි කරන නව තාක්ෂණයක් Xiaomi සමාගමෙන්

Xiaomi සමාගම විසින් පසුගියදා ඔවුන්ගේ නව Battery technology එක හදුන්වා දිම සිදු කරනු ලැබුවා. මේ නව තාක්ෂණය මගින් දැනට භාවිත වෙන Battery වල ප්‍රමාණයේම Battery එකක් මගින් 10%ක වැඩි Battery Capacity එකක් ලබා ගත හැකි වෙනවා.

මේ New-gen Battery Technology එක සදහා “battery-level high-silicon lithium supplement technology” එක ප්‍රථම වරට භාවිත වෙන අතර ඒ ඔස්සේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක සිලිකන් ප්‍රමාණයක් භාවිත වෙනවා. ඒ වගේම මීට අමතරව Battery එක සදහා අවශ්‍ය ඉඩ ප්‍රමාණය අඩු කිරිම සදහා Battery Protection Circuit Module එ⁣කේ පිහිටිමද වෙනස් කිරිමට Xiaomi සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

මීට අමතරව මේ නව Battery Technology එක මගින් සමන්විත වෙන Battery සදහා විශේෂ Fuel Gauge නම් Chip එකක් ඇතුළත් කරන්න Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා. මේ විශේෂ Chip එක මගින් Battery Health එක දිගු කිරිමේ හැකියාව ලැබෙනවා. අනවශ්‍ය පරිදි Battery එක Full Charge විම වැලැක්වීමටත්, පරිසර උෂ්ණත්වය වැඩි පරිසරවලදි Battery එකේ උෂ්ණත්වය ගැලබෙන පරිදි සකසා ගැනිමේ හැකියාවත් මේ Chip එක මගින් Battery එක සදහා ලැබෙනවා.

Conventional battery packs & Xiaomi’s new battery tech packs

මේ නව Battery Technology එක සහිත Battery වල මහා පරිමාණ නිෂ්පාදන කටයුතු මිලග වසර දෙවෙනි භාගයේ සිට ආරම්භ කිරිමට Xiaomi සමාගම විසින් බලාපොරොත්තු වෙන අතරම 2022 වසර අග භාගයේදි නිකුත් වෙන Xiaomi Smart Phones සදහා මෙම Battery යොදා ගනු ඇතැයි ද බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source : Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna