Apple සමාගම අභිබවමින් Xiaomi සමාගම යුරෝපයේ දුරකතන වෙළඳපලේ දෙවෙනි ස්ථානයට පත්වේ

Apple සමාගම අභිබවමින් Xiaomi සමාගම යුරෝපයේ දුරකතන වෙළඳපලේ දෙවෙනි ස්ථානයට පත්වේ

2021 වසර පලමු කාර්තුවේ නිකුත් කරන ලද දත්ත වලට අනුව Xiaomi සමාගම Apple සමාගම අභිබවා ගෝලීය වෙලඳපල තුල දෙවන ස්තානය හිමි කරගෙන ඇත.  Apple යනු පුරා දශකයකට අදික කාලයක් යුරෝපානු වෙලඳපොල තුල රැඳී සිටින ප්‍රමුඛ පෙලේ දුරකතන සන්නාමයක් වන අතර Xiaomi සමාගම යුරෝපය තුල තවමත් නවකයෙකි.

විචාරකයින් පවසන අන්දමට Xiaomi සමාගම ලද මෙම ජයග්‍රහනයට ප්‍රධානම හේතුව වන්නෙ සෑම අවස්තාවකම මුදලට සරිලන උපරිම වටිනාකමක් ලබා දෙන දුරකතන වෙලඳ පොල තුලට නිකුත් කිරීම බවයි.

කෙසේ වෙතත් ජංගම දුරකතන වෙලඳපොල තුල ප්‍රමුඛ පෙලේ නාමයකට හිමිකම් කියූ Huawei සමාගම එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් 2021 පලමුකාර්තුව තුල යුරෝපා වෙලඳපොලේ පස්වන ස්ථානය දක්වා ඇද වැටී ඇත. එමෙන්ම 153% වාර්ශික වර්ධනයක් සමගින් OPPO සමාගම යුරෝපානු වෙලඳපොල තුල සිව්වන ස්ථානයට පත්ව ඇත.

එමෙන්ම Samsung සමාගම තවමත් ගෝලීය වෙලඳපොල තුල ප්‍රතම ස්තානයට හිමිකම් කියන නමුත් අවසන් වසරට සාපේක්ශව Samsung සමාගම සතුව ඇත්තේ +21% වාර්ශික වර්ධනයකි. දෙවන ස්තානයේ පසුවන Xiaomi සමාගම සතුව පෙර වසරට සාපේක්ශව +85% ක වාර්ශික වර්ධනයක් ඇත. බොහෝ දෙනාගෙ මතය අනුව Xiaomi  සමාගම ඉදිරියේදී Samsung සමාගමද අභිබවා යුරෝපා වෙලඳ පොල තුල  ප්‍රථම ස්ථානයට පැමිනෙනු ඇතැයි විශ්වාස කල හැක.

Source: Android Authority

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna