හෙලිදරව්වෙන් පසු Xiaomi විසින් අළුත් විදිහට data සොරකමේ!!!

හෙලිදරව්වෙන් පසු Xiaomi විසින් අළුත් විදිහට data සොරකමේ!!!

ඔයාලට මතක ඇති මීට පෙර වතාවකත් අපි විසින් ලිපි කීපයක් අරගෙන ආවා Xiaomi ආයතනය විසින් ඔවුන්ගේ ජංගම දුරකථන සමඟ ස්ථාපනය කරලා එවන වෙබ් බ්‍රවුසරය භාවිතා කරන පාරිභෝගිකයන්ගේ ඉතාමත් සංවේදී පෞද්ගලික දත්ත විශාල ප්‍රමාණයක් track කර තමන්ගේ දත්ත ගබඩා තුල ගබඩා කර ගැනීමක යෙදී සිටිනවා කියල. මේ ක්‍රියාව ඔවුන් incognito mode එකේදීද පවා සිදු කර තිබෙනවා.

මෙම සිදුවීමත් සමඟම Xiaomi ආයතනය විසින් තමන් විසින් න්පදවන වෙබ් බ්‍රවුසරයේ incognito mode එක වෙත අලුත් කොටසක් එක කරමින් update එකක් එව්වා මොකක්ද උනේ කියන එක පරිශීලකයන්ට පැහැදිලි කරමින්. එහිදී incognito mode එක වෙත Enhanced incognito mode යනුවෙන් අලුත් කොටසක් එක් කර තිබුනි. මෙහිදී ඔවුන් එම අලුත් toggle එක විස්තර කර තිබුනේ "Aggregated data stats won’t be uploaded when incognito mode is on" යනුවෙනි. ඒ කියන්නේ Incognito mode එකේදී ඔය කියන Enhanced incognito mode එක ඔන් කරොත් Aggregated data stats upload වෙන්නෑ කියන එක.

ඒත් Enhanced incognito mode එක on කරාම ඒකේ කියවෙන්නෙ “Improve your user experience by uploading aggregated data stats when incognito mode is on.” කියල වෙන එකක්.

මේක හරිගස්සලා Xiaomi තව update එකක් දාල තියෙනව. දැන් ඒකේ enhanced incognito mode වෙනුවට කියවෙන්නේ “Help us improve Mi/Mint Browser.” ඒ එක්කම ඒකේ යටින් මේ toggle එක හඳුන්වලා තියෙනවා “Turn on to share usage stats with us when incognito mode is on” කියලා. හැබැයි උඩ කියල තියෙන විදිහට toggle එක on/off කරනකොට වචන නම් වෙනස් වෙන්නේ නෑ.

මේ අළුත් update එක Mi Browse version 12.2.4 එකේ සහ Mint Browser version 3.4.6 එක මඟින් අපිට දැක ගත හැකි වෙනවා.

ඒ කොහොම උනත් මීට කලින් ඔවුන් incognito mode එකේදීද පවා ඉතාමත් සංවේදී දත්ත ගබාඩා කරගන්නා බව හෙලි වූ විට ප්‍රකාශ කර තිබුනේ "browser එක track කර එකතු කරන දත්ත anonymized ආකාරයට යවන බවයි."ඊට අමතරව තවදුරත් ඔවුන් ප්‍රකාශ කර තිබුනේ "නිර්නාමික ගවේෂණ දත්ත එකතු කිරීම අන්තර්ජාල සමාගම් විසින් අනුගමනය කරනු ලබන වඩාත් පොදු විසඳුමකි" යනුවෙනි. නමුත් ප්‍රශ්නය තිබුනේ incognito mode එකකදී එකතු කර නොගත යුතු දත්ත පවා ඔවුන් එකතු කර ගෙන තිබීමයි.

ඇත්තෙන්ම Incognito Browsing සිදු කළ ද, ඔබගේ ක්‍රියාකාරකම්(web surfing) දැකිය හැකි පාර්ශවයන් වන්නේ පහත අයවලුනි. Source - Norton

  • දැන්වීම් සහ අනෙකුත් resources ද ඇතුලත්ව, ඔබ browse කරන websites වලට.
  • ඔබගේ කාර්යාලයේ, පාසලේ හෝ ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වීම සදහා භාවිත කරන ඕනෑම network එකට.
  • ඔබගේ අන්තර්ජාල සම්බන්ධිකරුට එහෙමත් නැත්තම් ISPට. උදා: ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්, ආදී වශයෙන් වූ.
  • ඔබ web service එකක් භාවිතයෙන් ඔබගේ account එකකට log වුනේ නම්, Gmail, Facebook වගේ, එය ඔබගේ account එකේ save වීමක් සිදු වේ.

අවසානයේ සිදුවී ඇත්තේ ඉතාමත් සුළු කරුණකි. පූජකයාගේ ගෙදර නැවතී සිටි වෙස්වලාගත් සොර සිසුවා ගෙදර තිබූ රත්ත්‍රන් සියල්ල පොදි බැඳගෙන හොර රහසේම යමින් අතර තුරේ මල්ලේ තිබූ පිදුරු ගහ නැවත ගෙනැවිත් පූජකාඋආට ලබා දී තමන් අවංක යැයි තව තවත් ඔප්පු කරමින් සොරකම් කල දෑත් සමඟ පලා යාමයි.

ඇත්තටම කිව්වොත් අපි අන්තර් ජාලයට සම්බන්ධ වන පලමු අවස්ථාවේම මෙම ලිපිය ලියන මාගේත් ඔබගේත් privacy කියන දේ නැති වී හමාරයි. නමුත් ඒ 100%ක්ම නොවේ. දිගින් දොගටම අන්තර්ජාලයට සම්බන්ධ වී සිටීමෙන් කිසිඳු privacy එකක් නොමැත.

එමෙන්ම ඔබ සතුව අන්තර්ජාලය ඔස්සේ සොරකම් කිරීමට කිසිවක් නැතුවා වන්නට පුළුවන.

එසේ නම් කල යුත්තේ කුමක්ද? සරලවම මේ ලිපිය කියවන ඔබගේ දැනටමත් නිරාවරණය වී ඇති privacy එකෙහි නිරාවරණය වන ප්‍රමාණය උපරිමය හැකි තරම් අවම කරගැනීමට කටයුතු කිරීමත්,

අපෙන් මොනවා උස්සන්නද යනුවෙන් පොර ටෝක්ස් issue කරන අයවලුන්, තවදුරටත් නිකමුන් නොවී අන්තර්ජාලය ඔස්සේ ඉස්සීමට තමන් සතුව දෙයක් ඇති ආකාරයේ අයවලුන් බවට පත්වීමත් ය.

පහතින් දැක්වෙන්නේ අපවිසින් අන්තර්ජාලයේ තම privacy එක වැටී ඇති තැන සහ එයින් හැකිතාක් දුරස් වන ආකාරය පැහැදිලි කරමින් ගෙන ආ ලිපි වලින් කිහිපයකි. ඒවාද කියවන්න. ඒවාට අමතරව තවත් ලිපි විශාල ප්‍රමාණයක් මේ ගැන ලියවී ඇත. ඒවාද සොයා කියැවීම ඔබ සතු වගකිමකි. අප විසින් අපගේ යුතුකම වන ඔබ දැනුවත් කිරීම මනාව සිදු කරන්නෙමු.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara