Xiaomi සමාගම විසින් තම Mi වෙළඳ නාමය අත්හැරීමට කටයුතු කරයි

Xiaomi සමාගම විසින් තම Mi වෙළඳ නාමය අත්හැරීමට කටයුතු කරයි

සියලුම සමාගම් අභිබවමින් Xiaomi සමාගම ලෝක වෙළඳපොලේ අංක එකේ ජංගම දුරකතන නිෂ්පාදකයා බවට පත්වී තිබෙනවා කියා ඔබ මේ වෙන විටත් දන්නවා ඇති. Xiaomi සමාගම Redmi, Poco, Black Shark සහ Mi කියන වෙලද නාම යටතේ තම ජංගම දුරකතන වෙලඳපලට නිකුත් කරනවා. ඉතින් මේ අතරින් Xiaomi සමාගමේ ප්‍රධානතම හා බොහෝමයක් Flagship Device සදහා භාවිතා වූ වෙළඳ නාමය වන 'Mi' වෙළඳ නාමය අත්හැර ඒ වෙනුවට 'Xiaomi' යන්න භාවිතා කිරීමට ඔවුන් මේ වනවිට තීරණය කර තිබෙනවා.

Mi වල ඉතිහාසය ගත්තොත් Mi නාමය ප්‍රථමයෙන් භාවිතා වූයේ ජංගම දුරකතනයක් සදහා නොව Custom Rom එකක් සදහා යි. ඒ 2010 වර්ෂයේ නිර්මානය වූ Android 2.2 මගින් බල ගැන්වූ මුල්ම MIUI Rom එකයි. මෙම Custom Rom එක HTC Desire හා Google Nexus One දුරකතන සදහා නිර්මානය වූවකි. පසුව Xiaomi සමාගමේ ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනය Mi වෙලඳ නාමය යටතේ 'Mi 1' ලෙසින් 2011 වර්ශයේදී වෙලඳපලට නිකුත් විය.

ඉතින් මේ Xiaomi සමාගමේ Rebrand තීරණයත් සමග'Mi' නාමය යටතේ Mi, Mi Note හා Mi Mix ලෙස පැමිණෙන දුරකතනන අනාගතයේදී Xiaomi, Xiaomi Note හා Xiaomi Mix ලෙස ජංගම දුරකතන වෙලඳපලට පැමිනෙනු ඇත. අවසාන වශයෙන් 'Mi Mix 4' ලෙස ඉදිරි දිනයකදී නිකුත් වීමට තිබූ ජංගම දුරකතනය 'Xiaomi Mix 4'ලෙස නිකුත්වීමට නියමිත බවද සදහන් කල යුතුය.

Source- XDA-Developers

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara