Xiaomi සමාගම විසින් Under display flip කැමරාවක් නිපදවමින් සිටින බවට තොරතුරු වාර්තා වේ

Xiaomi සමාඟම විසින් තිරය යටින් මතුපිටට නොපෙනෙන ලෙස පිහිටා ඇති, ස්වයංක්‍රීයව ඉදිරිපස සහ පසුපස ට හැරවෙන කැමරාවක් සහිත දුරකථනයක් නිපදවමින් සිටින බව වාර්තා වේ.

Xiaomi සමාගම විසින් Under display flip කැමරාවක් නිපදවමින් සිටින බවට තොරතුරු වාර්තා වේ

Xiaomi සමාඟම විසින් තිරය යටින් මතුපිටට නොපෙනෙන ලෙස පිහිටා ඇති, ස්වයංක්‍රීයව ඉදිරිපස සහ පසුපස ට හැරවෙන කැමරාවක් සහිත දුරකථනයක් නිපදවමින් සිටින බව වාර්තා වේ.

සරලව පැහැදිලි කළ විට, එය මෙසේ දැක්විය හැක. මෙම තාක්ෂණය සහිත දුරකථනයක් ඔබ සතුව ඇත්නම්, ඔබේ දුරකථනයේ ඉදිරිපස කැමරාවක් ඇති බව ඔබට නොපෙනේ. කැමරාව සඳහා වූ Teardrop ආකාරයේ හෝ Punch-hole ආකාරයේ හෝ කිසිම අයුරකින් කැමරාවක් සඳහා ඉඩක් ලබා දී නැත, දුරකථනය ඉදිරිපස සම්පූර්ණයෙන් වැසී ඇත්තේ තිරයෙන් පමණි. ඔබට සෙල්ෆියක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට, මෙම විශේෂිත Sub screen selfie මොඩියුලය ක්‍රියාත්මක වී, පසුපස පිහිටි එක් කැමරාවක් දුරකථනය ඇතුළතින් ඉදිරිපසට හැරවී ඔබට අවශ්‍ය ඡායාරූපය ලබා ගැනීමට ඉඩ සලස්වයි.

ZTE Axon 20 ආදී දුරකථන වල මේ ආකාරයේ සැකැස්මක් දක්නට ලැබුණු නමුත් මෙලෙස මොඩුයලයක උපකාරයෙන් පසුපස කැමරාවක් ඉදිරිපසට හරවා සෙල්ෆි ලබා ගැනීමට පහසුකම් සැලසීම දක්නට නොලැබුණි.

Xiaomi සමාඟම විසින් පේටන්ට් බලපත්‍ර ලබාගෙන ඇති මෙම නව තාක්ෂණය මෙතෙක් දුරකථන සමාඟමක් විසින් හඳුන්වාදී නොමැති විශේෂ එකකි.

මෙම ලිපියේ මුලින් පැහැදිලි කර ඇති ආකාරයට, Xiaomi සමාඟමේ අදහස වී ඇත්තේ පසුපස කැමරා වලින් එක් කැමරාවක් පමණක් යාන්ත්‍රික කොටස් සහ මෝටරයක උපකාරයෙන්, තිරය යටින්, දුරකථනය ඇතුළතින් ඉදිරිපසට හැරවීමයි. මෙය පරිශීලකයාට නොපෙනෙන ක්‍රියාවලියකි. මෙහි වාසි ලෙස ඉදිරිපස කැමරාවක් සඳහා වූ අමතර ඉඩක් රහිත සම්පූර්ණ තිරයකින් පමණක් සමන්විත නමුත් ඉහළ ගුණාත්මකත්වයකින් යුත් ඡායාරූප ලබාගත හැකි වීමයි.

මෙවැනි යාන්ත්‍රික ක්‍රියාවලියක් දුරකථනය ඇතුළතින් සිදු කිරීම මඟින් ප්‍රායෝගික ප්‍රශ්ණ රැසක් ඇතිවිය හැකි බවයි මේ ගැන අදහස් දක්වන ඉංජිනේරුවන් පවසන්නේ. එයට හේතු වන්නේ මෙවැනි යාන්ත්‍රික ක්‍රියාවලියක්, කැමරා කීපයක් සහිත ස්ථානයක ක්‍රියාත්මක වන විට එහි ඇති සංවේදක ආදී අතිශය සංවේදී උපකරණ වලට හානි නොවී පවත්වා ගැනීම අසීරු වීමයි.

කෙසේ නමුත් Xiaomi සමාඟම මෙම ගැටළු සඳහා පිළිතුරු ලබා දීමට උත්සාහ නොකරන්නේ මෙය තවමත් පේටන්ට් බලපත්‍ර ලබාගත් එක්තරා තාක්ෂණික සොයාගැනීමක් පමණක් නිසා විය හැක. කෙසේ නමුත්, අනාගතයේ මෙවැනි තාක්ෂණයක් සහිත දුරකථන Xiaomi සමාඟමට නිපදවීමට හැකි වෙතැයි බලාපොරොත්තු විය හැක.

Source: GizChina

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara