මිනිසුන් රහිත ජංගම දුරකතන නිෂ්පදානාගාරයක් නිපදවීම සඳහා Xiaomi සමාගම සූදානම් වේ

මිනිසුන් රහිත ජංගම දුරකතන නිෂ්පදානාගාරයක් නිපදවීම සඳහා Xiaomi සමාගම සූදානම් වේ

Xiaomi කියන්නෙ නිතරම වගේ අලුත් දෙයක් කරන Company එකක්. ඉතින් එයාල මේ වෙද්දි සූදානම් වෙන්නෙ මිනිසුන් රහිත Smartphone Factory එකක් ඉදිකරන්න. ඒ කියන්නෙ මේ Factory එකේ වැඩ කරන්නෙ රොබෝවරු විතරයි. කිසිම මනුෂ්‍යයෙක් අදාළ වැඩ වලට සහය වෙන්නෙ නැහැ.

මේ ගැන තවත් කතා කරනව නම් Xiaomi සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වෙන Lei Jun මහත්මය එයාලගේ මේ අලුත්ම ව්‍යාපෘතිය ගැන තොරතුරු ටිකක් හෙළි කරා. ඉතින් ඒ සම්බන්ධව නිකුත් වන තොරතුරු වල සඳහන් වන විදියට මේකෙ නම තමයි “Black Light Factory”. ඉතින් මෙයාල බලාපොරොත්තු වෙනව සෑම තත්පර තුනකට වරක් එක් Smart ජංගම දුරකතනයක් එකලස් කිරීම, පරීක්ෂා කිරීම සහ ඇසුරුම් කිරීම යන කාර්‍යන්  රොබෝවරුන් හරහා සිදුකරවා ගන්න.

පසුගිය වසරෙ අගෝස්තු මාසය වෙද්දි Xiaomi සමාගම එයාලගේ මේ අලුත් Smart Factory එකේ පළමු අදියර ආරම්භ කරන්න සමත් වෙනව. ඉතින් ඒ ආරම්භ කරපු Factory එකේ වසරකට ජංගම දුරකථන මිලියනයක ප්‍රමාණයක් රොබෝවරුන් ලවා නිෂ්පාදනය කරවගන්න පුලුවන්.

මේ පළමු අදියරේදිම Xiaomi සමාගමේ අය ගොඩක් තදින් අධ්‍යනය කරනව මිනිස් සහභාගීත්වයකින් තොරව ස්වයංක්‍රීයව ජංගම දුරකථන නිෂ්පාදනය කිරීම ගැන. ඒ ලබන අත්දැකීම් නිසාම මේ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කරන්න මෙයාලට අවස්ථාව ලැබෙනව. ඉතින් දෙවැනි අදියරේදි  මෙයාල බලාපොරොත්තු වෙනව Smartphones මිලියන 10 ක ප්‍රමාණයක් දක්වා නිෂ්පාදනය ඉහළ නංවන්න.

වාර්තා වෙන විදියට මේ Black Light කර්මාන්තශාලා ඉදිවෙන්නෙ චීනයේ Beijing වල. ඒ වගේම දෙවැනි අදියරේ ව්‍යාපෘතිය නිම වෙලා තියෙන්නෙ මීට මාස 3කට කළින්.  ලැබෙන තොරතුරු අනූව මෙයාල දැනටමත් මේ කර්මාන්තශාලාවෙ ඉදිකිරීම් ආරම්භ කරලත් ඉවරයි. ඉතින් මේ නව ව්‍යාපාරය එක්ක වාර්ෂිකව අවම වශයෙන් Yuan බිලියන 60 ක් (ඩොලර් බිලියන 9.3 ක්) උපයා ගැනීම තමයි Xiaomi සමාගමේ බලාපොරොත්තුව..

කොහොම උනත් මේ ඉදිවෙන කර්මාන්තශාලාවෙ සේවකයන්‍ට  දිවා ආහාරය, සති අන්ත නිවාඩු, සාමාන්‍ය නිවාඩු   වගේ කාරණා අදාළ වෙන්නෙ නැහැ..

ඉදිරියට හැම Company එකක්ම මේ විදියට රොබෝවරු යොදාගත්තොත් මිනිස් ශ්‍රමයට කුමක් වෙයිද?

Source: GizChina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara