ඉන්දියානු රජය විසින් බදු වංචාව​ක් හේතුවෙ​න් Xiaomi සමාගම වටලයි, ඇමරිකානු ඩොලර් මිලියන 89ක් ද​ඩ නියම කර​යි

ඉන්දියානු රජය විසින් බදු වංචාව​ක් හේතුවෙ​න් Xiaomi සමාගම වටලයි, ඇමරිකානු ඩොලර් මිලියන 89ක් ද​ඩ නියම කර​යි

Xiaomi සමාගම විසින් සිදු කල බදු වංචාවක් හේතුවෙන් ඉන්දියානු මුදල් අමාත්‍යංශය විසින් ඉන්දියානු රුපියල් කෝටි 653ක දඩ මුදලක් (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 89ක්) පැනවීමට කටයුතු කර තිබෙනවා. මෙම දඩ මුදල පැන්වීමට හේතු වූ වැටලීමේදී Xiaomi සමාගම මෙන්ම OPPO සමාගමද මෙම වරදට හසු වී ඇති නමුත්, Xiaomi සමාගමට පමණක් මේ වන විට දඩ මුදල පනවා ඇති අත​ර OPPO සමාගමට අදාලව පරීක්ෂණ කටයුතු පවත්වාගෙන යන බව වාර්තා වෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍යංශයට ලද රහශිගත් තොරතුරු අනුව මෙම වැටලීම් සිදු කර ඇති අතර වාර්තාවට අනුව Xiaomi සමාගම සහ එහි ගිවිසුම් ගත සාමාජිකයන් සහ ව්‍යාපාර වලට එරෙහි​ව මෙම වැටලීම සිදු කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ Directorate of Revenue Intelligence (DRI) විසිනි.

DIR විසින් Xiaomi Technologies India Private Limited වෙත ලබා දුන් දැන්වී​ම

ඉන්දියානු Xiaomi කාර්යාල පරීශ්‍රයන් පරික්ෂා කිරීමේදී Qualcomm USA සහ Beijing Xiaomi Mobile Software යන සමාගම් සඳහා ගෙවූ කතෲභාග සහ බලපත්‍ර ගාස්තු සඳහා කල ගෙවීම් ආනයන සඳහා වන ලියකියවිලි වලින් වසන් කර ඇති අතර ඒ හරහා Xiaomi India විසින් කල ආනයන වල අගය අඩුවෙන් දැක්වීමට කටයුතු කර ඇති බව හෙලි වී ඇත. එය ඉන්දියාවේ 1962 රේගු පනතේ 14 වන කොටසට අනුව සහ 2007දී පිහිටවනු ලැබූ රේගු තක්සේරු නීතීන්ට පටහැනි බව තහවුරු කරගෙන ඇති බව වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව ඉන්දීය රජය විසින් 1962 රේගු පනත අනුව Xiaomi Technology India Private Limitedට එරෙහි​ව මෙම දඩ මුදල නියම කිරීමට කටයුතු කර ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් Xiaomi ම​ව් සමාගම විසින් නි​ල ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එය පහතාකාරයෙන් වේ.

At Xiaomi India, we give utmost importance to ensuring we comply with all Indian laws. We are currently reviewing the notice in detail. As a responsible company, we will support the authorities with all necessary documentation.

මීට අමතරව මෙම වැටලීමේදී හෙලි වී ඇති ප්‍රධානතම කාරණාව නම් ඉන්දියාව තුල අලෙවි කරන Xiaomi ජංගම දුරකතන ඍජුවම චීනයෙන් ආනයන කල ඒවා හෝ, සියළුම කොටස් හෝ ඇතැම් කොටස් ආනයන කර ඉන්දියාවේදී එකලස් කර අලෙවි කරන ලද ඒවා බවයි. Xiaomi සමාගම සාමාන්‍යෙන් ආනයන කිරීම් සිදු කරනු ලබන්නේ විශේෂ ගිවිසුමක් යටතේ ගිවිසුම් ගත කොන්ත්‍රාතු කරුවන්ගෙනි.

Sources: Gadgets360, Times of India

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara