Xiaomi සමාගම විසින් 200W wired සහ 120W wireless පහසුකම සහිත HyperCharge නම් තාක්ෂණයක් එළිදක්වයි

Xiaomi සමාගම විසින් 200W wired සහ 120W wireless පහසුකම සහිත HyperCharge නම් තාක්ෂණයක් එළිදක්වයි

Xiaomi සමාගම කියන්නෙ මෙ වෙද්දි නව ජංගම දුරකථනයන් බොහොම ඉක්මණින් වෙළඳපොළට නිකුත් කරන වගේම අලුත් Charging තාක්ෂණයන් හඳුන්වාදීමේ දැවැන්තයෙක්. ඉතින් මෙයාල අද රැහැන් සහිත එහෙමත් නැත්නම් Wired 200W Fast Charging තාක්ෂණයක් හඳුන්වාදෙමින් මෙයාලගෙ බලය ලෝකයාටම පෙන්නුව. ඒ වගේම Wireless 120W Charging තාක්ෂණයත් මේකට ඇතුළත් වෙනව. ඉතින් Xiaomi සමාගම මේ නව Charging System එක හඳුන්වන්නෙ "HyperCharge" යන නමින්.

ඉතින් මේ Xiaomi සමාගමේ  200W HyperCharge තාක්ෂණයත් එක්ක ඔයාට පුලුවන් 4,000mAh ධාරිතාවයකින් යුත් Battery එකක් විනාඩි කිහිපයක් ඇතුළත Full Charge කරගන්න. ඒ වගේම Wireless 120W Charging එක්ක ඔයාට පුලුවන් විනාඩි 15 වැනි කෙටි කාලයක් තුළ ජංගම දුරකථනය සම්පූර්ණයෙන්ම Charge කරල අවසන් කරන්න.

දැන් කාටහරි හිතෙන්න පුලුවන් ඇත්තටම මේ කියන විදියට Charge කරන්න පුලුවන් ද? බොරුවක් වෙන්න බැරිද? වගේ ප්‍රෂ්ණ. ඒ ඔක්කොටම උත්‍තර විදියට Xiaomi සමාගම එයාලගෙ Mi 11 Pro Custom Build එකක් තුළ මේ "HyperCharge" තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරයෙහි වීඩියෝවක් පළ කරල තියෙනව. පහළ ලින්ක් එකෙන් ඔයාට පුලුවන් එ වීඩියෝ එක නරඹන්න.

ඉතින් මේ HyperCharge එක්ක ඔයාට බලාගන්න පුලුවන් විනාඩි 3ක් වගේ කාලයක් ඇතුලත ජංගම දුරකථනය 50% දක්වා Charge වෙන ආකාරය. එ වගේම විනාඩි 8 වගේ කාලයක් ඇතුළත 100% දක්වා Full Charge වෙන ආකාරයත් ඔයාට බලාගන්න පුලුවන්. අනිත් විශේෂ දේ තමයි මේ Mi 11 Pro ජංගම දුරකථනය Wireless 120W Charging එක්ක විනාඩියක් ඇතුළත 10% දක්වා Charge වීම. එ වගේම විනාඩි 7ක් වගේ කෙටි කාලයක් ඇතුලත 50% දක්වා Charge වීම.

කොහොම උනත් මේ HyperCharge තාක්ෂණය සමග ජංගම දුරකථන නිකුත් කරන දිනයක් ගැන Xiaomi සමාගම තවමත්  මොකුත්ම සඳහන් කරල නැහැ. දැනට පවතින Theory එක්ක බලද්දි මේ විදියෙ Charging System එකක් හරහා Mobile Phones විශාල වශයෙන් Heat වෙන්න පුලුවන්. එ වගේම Battery වල ආයු කාලය බොහොම ඉක්මනින් අඩු වෙන්න පුලුවන්.

Source: Android Authority

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara