වෙළඳ ප්‍රචාරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් Xiaomi සමාගම වෙත දඩ නියම කිරීමට චීන රජය කටයුතු කර​යි

වෙළඳ ප්‍රචාරණ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් Xiaomi සමාගම වෙත දඩ නියම කිරීමට චීන රජය කටයුතු කර​යි

ලොව විශාලතම ජංගම දුරකථන නිෂ්පාදකයා වෙන Xiaomi සමාගම වෙත පසුගිය දිනකදි ඔවුන් විසින් සිදු කරන ලද වෙළෙඳ ප්‍රචාරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් ඩොලර් 3,141ක පමණ දඩයක් පැනවීමට චීන රජයේ වෙළඳපල අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබෙනවා.

ඒ ඔවුන් විසින් චීනය තුල පළ කරන ලද අසත්‍ය ප්‍රචාරණ දැන්විමක් හේතුවෙනුයි. මෙහිදි ඔවුන් විසින් Redmi K30 5G Device එක සදහා නිකුත් කළ Promotion Image එකක මේ Device එක Samsung AMOLED Display එකකින් සමන්විත වෙන බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් සත්‍ය වශයෙන්ම මේ Redmi K30 5G Device එක LCD Display එකකින් සමන්විත වෙනු ලබනවා.

Image : Gizmochina

මෙලෙස වැරදි තොරතුරු පළ කිරිම නිසා Xiaomi සමාගම වෙත මෙලෙස දඩ මුදලක් පැනවිමට කටයුතු කර තිබෙනවා.

Source : Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna