Xiaomi සමාග​මේ ප්‍රධාන විධායක නිළධාරී Lei Jun විසින් iPhone එකක් භාවිතා කරන බව හෙලි ​වේ

Xiaomi සමාග​මේ ප්‍රධාන විධායක නිළධාරී Lei Jun විසින් iPhone එකක් භාවිතා කරන බව හෙලි ​වේ

චීනයේ ප්‍රධාන ජංගම දුරකථන නිෂ්පාදන සමාගම වෙන Xiaomi සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී Lei Jun මහතා විසින් පසුගිය දිනක iPhone එකක් භාවිත කළ බවට තොරතුරු වාර්තා වෙනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව පසුගිය දිනක ඔහු විසින් චීන සමාජ මාධ්‍යයක් වන Webio හි නිවේදනයක් පල කර තිබුණු අතර එය iPhone එකක් මගින් පල කරන ලද නිවේදනයක් ලෙස එම සමාජ මාධ්‍ය විසින් දක්වා තිබෙනවා. සාමාන්‍යෙන් Webio මගින් පල කරන Post තුල එම Post එක එක් කිරීම සිදු කරණු ලබන Device එක හදුනා ගැනීම සිදු වෙන අතර මෙලෙස ඔහු විසින් එක් කරන ලද Post එකේ, එය පල කිරිම කරන ලද Device එක ලෙස iPhone සදහන්ව තිබෙනවා. කෙසේ නමුත් සුළු වෙලාවකින් මෙම පලකිරීම ඉවත් කර තිබූ නමුත් මෙහි Screenshot බොහෝ දෙනා විසින් ලබා ගෙන තිබෙනවා.

කෙසේ නමුත් Xiaomi සමාගමේ ආයෝජන හවුල්කරුවෙකු වන Pan Jiutang මහතා ප්‍රකාශ කර තිබුණේ ලොව ප්‍රධාන පෙලේ දුරකථන සමාගම්වල ප්‍රධානීන් සියලු දෙනාම පාහේ වෙනත් ප්‍රධාන සමාගම් වල ජංගම දුරකථන භාවිතා කරණු ලබන බවත් එය සාමාන්‍ය සිදුවිමක් බවයි. Samsung, Apple ආදී ඕනෑම සමාගමක මෙලෙස සිදු වන බවත් එය එසේ නොවන බව පවසන්නේ නම් එය ව්‍යාජ ප්‍රකාශයක් බවත් දක්වා තිබෙනවා. එසේම ඔහු විසින් වැඩිදුරටත් පවසා තිබුණේ තම සමාගමේ නිළධාරීන්ට සේම කාර්ය මණ්ඩලයටද Apple දුරකථන භාවිතයේ තහනමක් නැති බව Xiaomi සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වෙන Lei Jun මහතා විසින්ම පසුගිය කාලයේ ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේ නමුත් මීට පෙරත් මෙලෙස ආයතන ප්‍රධානීන් Apple දුරකථන භාවිතා කිරීම් පිළිබදව සිද්ධි කිහිපයක්ම වාර්තා වුවා. මෙහි ආසන්නම සිද්ධිය ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී Realme සමාගමේ ඉන්දියාව සදහා වෙන ප්‍රධාන විධායක නිලධාරියෙකු වන Madhav Sheth මහතා විසින් iPhone එකක් භාවිතා කර Twitter පණිවිඩයක් පල කිරීම සම්බන්ධයෙන් කතා බහට ලක් වුණු අතර Android සමාගම් කිහිපයකම ප්‍රධාන නිළධාරීන්ට මෙම සිදුවීමට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

Android වැඩකාරයෝ අපේ අදහස නම් Xiaomi සමාගමේ CEO විසින් iPhone එකක් පමණක් නොව අනෙකුත් ජංගම දුරකතන නිෂ්පාදකයන්ගේද ජංගම දුරකතන භාවිතා කරනු ඇති බවයි. සෑම ජංගම දුරකතන නිෂ්පාදන සමාගමක්ම තම තරඟකරුවන්ගේ ජගම දුරකතන් භාවිතා කරන බව නොරහසකි.

Source: Times of India

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara