Xiaomi 14 දුරකතන මාදිලිය ඔක්තෝම්බර් 26 වෙනිදා එලිදක්වන බවට නිවේදනය කරයි

Xiaomi 14 දුරකතන මාදිලිය ඔක්තෝම්බර් 26 වෙනිදා එලිදක්වන බවට නිවේදනය කරයි

Xiaomi සමාගමේ නවතම flagships දුරකථන මාදිලිය Xiaomi 14 series එක දියත් කිරීමේ දිනය පිළිබඳ​ව මේ වන විට Xiaomi සමාගම දැනුවත් කර තිබෙනවා. ඔවුන් පවසන ආකාරයට ඔක්තොම්බර් මස 26 වන දින චීනයේ දී මෙම මාදිලිය දියත් කරනු ලබන අතර Xiaomi සමාගමේ නවතම HyperOS එකද මෙම දුරකථන මාදිලිය සමග දියත් කරන බව ඔවුන් පවසා තිබෙනවා.

මෙම දියත් කිරීමේදී Xiaomi 14 මාදිලියේ Xiaomi 14 සහ Xiaomi 14 pro යන දුරකථන හදුන්වා දෙන අතර මෙම දුරකථන දෙක තුලම Snapdragon 8 Gen 3 chipset තිබෙනවා. ඒ වගේන Xiaomi 14 ultra දුරකථනය එදින දියත් නොකරන අතර ඒ පිළිබදව හරි හැටි තොරතුරක් තවම Xiaomi සමාගම විසින් ලබා දී නැත.

මෙම දුරකථන කලු, සුදු, කොළ, රෝස සහ වැනිලා යන පාටවලින් සමන්විත අතර 16GB/1TB ධාරිතාවක් pro දුරකථනයේ අඩංගු වෙනවා. Xiaomi 14 දුරකථනය 90W charging support එකක් සහ 14 Pro දුරකථනය 120W charging support එකක් තිබෙනවා.

ඉතින් Xiaomi සමාගමේ නවතම දුරකථනය අපට ඉතා නොදුරු දිනකදීම අත්විදිය හැකි අතර ඔවුන් එය Worldwide release කිරීමද එදින සිදු කරන බව පවසා තිබෙනව. HyperOS ඇතුලත් පළමු දුරකථනය ලෙස මෙය ඉතිහාසයට එක්වන අතර Xiaomi සමාගමේ මහගු ඉදිරි පියවරක්ද වෙනවා.

තවත් මෙවැනි තාක්ෂණික ලෝකයේ අලුත් තොරතුරු දැනගැනීමට රැදී සිටින්න Android වැඩකාරයෝ අපි සමගින්.

Source: www.gsmarena.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara