බැටරිය 1% පවතිද්දි මිනිත්තු 60 කාලයක් දුරකතන ක්‍රියාත්මකව තබා ගැනීමේ හැකියාව Xiaomi 13 Ultra වෙ​ත?

බැටරිය 1% පවතිද්දි මිනිත්තු 60 කාලයක් දුරකතන ක්‍රියාත්මකව තබා ගැනීමේ හැකියාව Xiaomi 13 Ultra වෙ​ත?

Smart Phones පාවිච්චි කරන Android මෙන්ම Apple පාරිභෝගිකයන්ට ඇති ප්‍රධානතම අවශ්‍යතාව ලෙස හොද Battery Capacity එකක් Smart Phone එක සහිත විම දක්වන්න පුලුවන්. ඒ වගේම අපි සැම අපගේ Smart Phone එකේ Battery Level එක 15% පමණ වු විට එය භාවිතා කිරිම ඉතා සීමා සහිතව කරන බව අප සියල්ල දන්න කරැණක්.

මෙයට විසදුමක් ලෙස Xiaomi සමාගම විසින් එලිදැක්​වූ Xiaomi 13 Ultra Smart Phone එකත් සමග 1% ක Battery Level ඇති විට මිනිත්තු 60ක් දක්වා පමණ Power On එකේ තබා ගැනිමේ හැකියාව ලබා දීමට කටයුතු කර තිබෙනවා.

පසුගි​ය අප්‍රේල් 18 වෙන දින එළිදැක්​වූ Leica-tuned Camera Setup එකකින් සහිත වෙන මේ Smart Phone එක සදහා මෙම හැකියාව ලැබි ඇත්තේ Xiaomi සමාගම විසින්ම Design කරනු ලබන Surge P2 සහ Surge G1 chips මගිනුයි.

ඔවුන් දක්වන්න ආකාරයට Xiaomi 13 Ultra සමගින් 1%ක Battery Level එකක් ඇති විටක මිනිත්තු 60ක් දක්වා පමණ Power On එකේ පවත්වා ගත හැකි අතර සහ මිනිත්තු 12 පමණ ඇමතුමක් කිසිදු ගැටලුවකින් තොරව ලබා ගත හැකි ද වෙනවා. කෙසේ වෙතත් මෙලෙස ජංගම දුරකථනය භාවිත කිරිමට නම් එහි Emergency Battery Mode එක සක්‍රීය කළ යුතු වෙනවා.

Sources: www.gizmochina.com www.91mobiles.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna