දෙසැම්බර් පළවන දින එලිදැක්වීමට නියමිතව තිබූ Xiaomi 13 දුරකතන මාලාව දෙසැම්බ​ර් 11 වෙනිදා එලිදැක්​ වෙන බවට තොරතුරු වාර්තා ​වේ

දෙසැම්බර් පළවන දින එලිදැක්වීමට නියමිතව තිබූ Xiaomi 13 දුරකතන මාලාව දෙසැම්බ​ර් 11 වෙනිදා එලිදැක්​ වෙන බවට තොරතුරු වාර්තා ​වේ

Xiaomi සමාගමේ මීලග Flagship Series එක වන Xiaomi 13 Series එක පසුගිය 01 වනදා නිකුත් වනු ඇති බවට තොරතුරු වාර්තා වු බවට අප ඔබ වෙත වාර්තා කරනු ලැබුවා ඔබ​ට මතක ඇති. තාක්ෂණික ලෝකයේ පුවත් පිළිබඳ අවධානයෙන් සිටින ඔබට නම් අනිවාර්යයෙන්ම මතක ඇති පසුගිය 01 වන දිනයේදී Xiaomi සමාගම විසින් මෙම Xiaomi 13 Series එක එළිදැක්විමට කටයුතු නොකළ බව.

මෙලෙස පසුගිය පළමු වැනිදා එළිදැක්විමට නියමිත තිබුණු මේ Smart Phone Series එක මෙලෙස එළිනොදැක්වීමට හේතුව ලෙස තොරතුරු වාර්තා වන්නේ චීනයේ හිටපු ජනපතිවරයෙකු වන Jiang Zemin මහතා නොවැම්බර් 30 වන දින අභහවප්‍රාර්ථ වීම නිසා බවයි.

කෙසේ වෙතත් තවමත් Xiaomi සමාගම විසින් මේ Xiaomi 13 Series එක නිල වශයෙන් එළිදැක්විම නියමිත දිනයක් පිළිබඳ තොරතුරු නිකුත් කර නොමැති වුවත් මේ Series එක එළැඹෙන දෙසැම්බර් 11 වන දින එළිදැක්විමට නියමිත බවට සදහන් වු Mi Store App එකේ Screen Shot කිහිපයක් මේ වන අන්තර්ජාලය තුළ හුවමාරු වෙමින් පවතිනවා.

Screenshots of the Mi Store app - www.gizmochina.com

මේ වන විට වාර්තා වන තොරතුරුවලට අනුව Xiaomi 13 Device එක අගල් 6.36ක Flat E6 AMOLED Display එකක් සමග ද Xiaomi 13 Pro Device එක Curved Edges සහිත අගල් 6.73ක AMOLED QHD+ Display එකකිනුත් යුතුවත් නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. Xiaomi 13 Series එකේ සියලුම Devices සදහා 120Hz Display Refresh Rate එක ලබා දී තිබෙන අතරම Pro Model එක Leather සහ Ceramic Back Optionsවලින් මීලදී ගැනිමේ හැකියාවත් ලබෙනු ඇත.

Xiaomi 13 Series එක සදහා Snapdragon 8 Gen 2 Chipset එක, LPDDR5x RAM සමගින් UFS 4.0 Storage භාවිත වන අතර Xiaomi 13 Device එක සදහා 67W Fast Charging පහසුකම සහිත 4,500mAh Battery එකක් ද Xiaomi 13 Pro Device එක සදහා 120W Fast Charging පහසුකම සහිත 4,820mAh Battery එකක් සහ අමතරව 50W Wireless Fast Charging පහසුකමෙනුත් සමන්විත වනු ඇති බවට සදහන් වනවා.

මේ Series එකේ Camera Set එක සැලකිමේදි මීට පෙර ඩොලර් මිලියන 15ක Camera වැඩි දියුණු කිරිමක් සමගින් Pro Device පැමිණෙන බවටත් තොරතුරු වාර්තා වුවා. ඒ අනුව Xiaomi 13 Device එක 50MP (main), 12MP (ultra-wide) සහ 10MP ලෙස වු Tripple Camera Setup එකකිනුත් Pro Device එක 50MP, 50MP සහ 50MP වු Camera Lenses තුනකින් යුතු Tripple Camera Setup එකකින් ද යුතු වනු ඇතැයි වාර්තා වනවා.

Android 13 මත පදනම් වු Xiaomi සමාගමේ MIUI 14 සමගින මේ දුරකථන එළිදැක්වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි අතරම Xiaomi සමාගමේ මේ Flagship Smart Phone Series එක නිකුත් වු විගස මේ Series එක පිළිබඳ ලිපියක් ගෙන ඒමට අප සුදානමින් සිටිනවා. දිගටම Android වැඩකාරයෝ සමග රැදි සිටින්න.

Source: Gizmochina www.androidheadlines.com www.phonearena.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara