Xiaomi 12 දුරකතනය 50MP Camera 3ක් සමඟ Periscope Zoom Lens එකකින් යුක්ත වන බවට ඉඟි පලවෙයි

Xiaomi 12 දුරකතනය 50MP Camera 3ක් සමඟ Periscope Zoom Lens එකකින් යුක්ත වන බවට ඉඟි පලවෙයි

Xiaomi සමාගම සිය ප්‍රමුඛතම Smart Phone Device එක වන Xiaomi Mi 11 Smart Phone එක පසුගිය වසරේ දෙසැම්බර් මස නිකුත් කළ අතර Xiaomi සමාගම විසින් Mi වෙළෙඳ නාමය අත්හැර දැමු බැවින් Xiaomi Mi 12 Smart Phone එක Xiaomi 12 නමින් මේ වසරේ අවසානයේදි එළිදක්වනු ඇතැයි අනුමාන කළ හැකි වෙනවා.

මේ Device එක සදහා යොදා ගන්නා Chipset එක පිළිබඳව Qualcomm සමාගම විසින් ඔවුන්ගේ ඊළඟ Chipset එක එළිදක්වන තුරු මේ පිළිබඳ නිළ තොරතුරු බලාපොරොත්තු විය නොහැකි වෙනවා. නමුත් මේ වන විට අන්තර්ජාලය තුල පළවි තිබෙන තොරතුරුවලින් පෙනී යන්නේ එහි Triple 50MP Camera Setup එකක් ඇතුළත් වනු ඇති බවයි.

අන්තර්ජාලය තුළ පළවෙන මේ තොරතුරුවලට අනුව තවදුරටත් Xiaomi 12 Smart Phone එක සදහා 50MP ප්‍රධාන කැමරාවක්, 50MP Ultra Wide කැමරාවක් සහ 50MP Telephoto කැමරාවක් ඇතුළත් වනු ඇති බවයි. එහි Telephoto කැමරාව 5X Periscope Zoom හැකියාවෙන් සමන්විත බවත් වැඩිදුර තොරතුරු මඟින් හෙළිවෙනවා.

මේ වන විට, Xiaomi 12 Smart Phone එක ගැන කිසිදු නිල තොරතුරක් නොමැති වුවත් ඉදිරි මාස කිහිපය තුළ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු නිල වශයෙන් වාර්තා වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ Xiaomi 12 Smart Phone එක පිළිබඳ වැඩිදුර තොරතුරු ලද විගස ඔබට ඒ බව ඔබට දැනුම් දීමට අපි වග බලා ගන්නෙමු. සුභ දවසක්!

Source: XDA-Developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna