Xiaomi 12 ජංගම දුරකතනය සඳහා Snapdragon 8 Gen 1 chipset එක භාවිතා කරන බව තහවුරු කර​යි

Xiaomi 12 ජංගම දුරකතනය සඳහා Snapdragon 8 Gen 1 chipset එක භාවිතා කරන බව තහවුරු කර​යි

Qualcomm සමාගම විසින් ඔවුන්ගේ Next-generation Flagship Smartphone Processor එක වෙන Snapdragon 8 Gen 1 පසුගිය දිනක නිල වශයෙන් හදුන්වා දුන් අතර  Xiaomi සමාගම විසින් ඔවුන්ගේ නිල Twitter ගිණුම හරහා ප්‍රකාශ කරන ලද්දේ ඔවුන්ගේ Xiaomi 12 Series එක නව Qualcomm Snapdragon 8 Gen 1 processor එක මගින් බලගැන්වෙනු ඇති බවයි.

ඒ අනුව Qualcomm Snapdragon 8 Gen 1 processor එක මගින් සමන්විත වෙන පළමු Smart Phone Series එක Xiaomi 12 Series එක වෙනු ඇත. කෙසේ වෙතත් මේ Xiaomi 12 Series එක නිල වශයෙන් නිකුත් වෙන දිනයක් පිළිබඳ Xiaomi සමාගම විසින් තොරතුරු දක්වා නොමැති වුවත් ඔවුන්ගේ තවත් Twitter සටහනක් මගින් මේ Xiaomi 12 Series එකේ Mass Production Phase එක ආරම්භ කර ඇති බවට දක්වා තිබෙනවා. ඒ අනුව බොහෝ විට මේ Xiaomi 12 Series එක මේ මස අවසානයේදි එළිදැක්වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මීට අමතරව මේ නව Snapdragon 8 Gen 1 Flagship Chipset එක මගින් සමන්විතව Smart Phones නිකුත් කිරිමට Black Shark, Honor, iQOO, Motorola, Nubia, OnePlus, OPPO, Realme, Redmi, SHARP, Sony Corporation, Vivo, Xiaomi සහ ZTE සමාගම් සුදානමින් සිටිනවා.

Source : Gizmochina

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna