සීතල යුද්ධය හේතුවෙන් නිමැවුනු විශිෂ්ඨ යුධ නිර්මාණය XB 70 Valkyrie, ලෝකයටම දෙකයි

සීතල යුද්ධය හේතුවෙන් නිමැවුනු විශිෂ්ඨ යුධ නිර්මාණය XB 70 Valkyrie, ලෝකයටම දෙකයි

Cold war එක අතර තුරදි ලෝකෙට බිහිවුන තවත් සුපිරිම නිර්මාණයක් තමා XB 70 Valkyrie කියන්නෙ.

ඇත්තටම මෙයා American Strategic Bomber කෙනෙක්, Fighter jet එකක් නෙමෙයි.

Strategic Bomber යානාවක් යනු ෆය්ටර් ජෙට් එකක් මෙන් නොව උපායශීලිව සතුර වෙතට ලඟාවි A2G (Air to Ground) ක්‍රමයට විශාල බෝම්බ ප්‍රමාණයක් සතුරා මතට පතිත කර සතුරා අඩපණ කිරීමට භාවිතා කරන විශේෂ යානා වර්ගයකි. මෙම වර්ගයේ යානා භාවිතා කරන්නෙ දැනට රටවල් තුනක් පමනි

  1. China
  2. America
  3. Russia

හරි වැඩි කතා ඕනේ නැහැ අපේ මේ යානයට එමු.

  • මෙහි Top speed එක Mach 3 (3,309 km/h) පමණ වනවා.
  • යානයේ සම්පූර්ණ දිග 57m
  • පියාපත්වල පලල 32m
  • එක යානයක මිල $700 million
  • එක ඉන්ධන පිරවීමකින් මෙයාට 10,500miles එහෙමත් නැතිනම් 16,898Km ගමන් කරන්න පුළුවන්.
  • පියාසර කල හැකි උපරිම උස අඩි 70,000ක්  (සාමාන්‍ය මගි ගුවන් යානයක් ගමන් කරන උපරිම උස වන්නෙත් අඩි 45,000) එතකොට හිතා ගන්න පුළුවන් මේක කොච්චර උඩකින්ද ගමන් කරන්නෙ කියලා.
Cockpit එක.
  • රැගෙන යා හැකි උපරිම බර එහෙමත් නැතිනම් Payload එක කිලොග්‍රෑම් 23,000ක් වනවා.
  • Engine type එක Turbojet engine.
  • Engine Model එක General Electric (YJ93)
Engines සවි කරමින්.

මෙතනදි විශේශම කාරනේ තමා මෙයාට එන්ජින් හයක් තිබෙනවා එම එක එන්ජින් එකකින් මුහුදු මට්ටමේදි ලබා දෙන තෙරපුම 28,800 lbf (128 kN) පමන වෙනවා. මේ වගේ එන්ජින් හයකින් එන තෙරපුම ඔයාලා ගනන් හදලා බලන්ඩකො.

මේ යානා ලෝකෙටම හැදුවෙ දෙකක් පමණයි. ඒකෙනුත් එකක් ඡායාරුප සඳහා Formation කරන්න ගිහින් කඩාගෙන වැටුනා. ඔය ඔක්කෝටම පස්සෙ අවාසනාවකට මෙන් 1969 February 4 වනදා නිෂ්පාදන හේතූන් හා අධික වියදම සඳහන් කරමින් මෙම ප්‍රොජෙක්ට් එක නවතා දමා මෙම යානා සදහටම විශ්‍රාම යැවුවා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara