Linux OS එක Windows වලම පොඩි කොටසක් වේවිද?

Linux OS එක Windows වලම පොඩි කොටසක් වේවිද?

අනාගතයේ දරුවෙක් ගෙන් "Linux කියන්නෙ මොකක්ද?" කියලා ඇහුවොත්,

"Linux කියන්නෙ Windows එක්කම එන පොඩි ෆීචර් එකක් නේ."

කියලා උත්තර දෙන තැනටම වැඩ සකස් වෙමින් පවතින බව දැන් පේන්න තියෙනවා. එහෙම කියන්නෙ WSL වල දියුණුව නිසා.

WSL, එහෙමත් නැත්නම් Windows Subsystem for Linux කියන Microsoft ලගෙ තාක්ෂණය නිසා දැනටමත් Linux කියන්නෙ Windows platform එක ඇතුළෙම install කරන්න පුළුවන් තවත් එක software එකක් ගාණට වැටිලා හමාරයි. මේක Virtualization නෙවෙයි. ඉස්සර අපි කළේ වින්ඩෝස් ඇතුළෙ Linux ඉන්ස්ටෝල් කරනවා කියලා Virtualbox හෝ VMWare වගේ මෘදුකාංගයක උදව්වෙන් Virtual environment එකක වෙනම තැනක Linux ඉන්ස්ටෝල් කරපු එකනෙ, හැබැයි දැන් WSL එක්ක එහෙම මුකුත් වැඩි වැඩ නෑ.

Windows 10 වල 2020 මැයි මස අප්ඩේට් එකේ WSL2 හඳුන්වාදුන්නා. Windows Insider වැඩසටහනට සම්බන්ධ වෙන ඔයාලටත් මේක දැකබලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයා WSL වල ඉන්ස්ටෝල් කරන OS වල files දැන් Windows Explorer එකෙන්ම බලාගන්නත් පුළුවන්. දැන් Linux සහ Windows කියන්නෙ දෙකක් නෙවෙයි එකක් වගේ.

ඉදිරි අප්ඩේට් වලදි WSL සඳහා GUI (Graphical User Interface) ඇප්ස් වල සහයත් ලැබෙන්නයි යන්නෙ. මෙතෙක් WSL වලින් අපිට පුළුවන් වුණේ CLI නැත්නම් Command Line Interface එකක් එක්ක ගණුදෙනු කරන්න විතරයි, GUI සහය ලබාගන්න නම් ටිකක් සංකීර්ණ සැකසුම් කීපයක් කරගන්න අවශ්‍ය වුණා. ඒ මුකුත් නැතුව වඩාත් පහසුවෙන් GUI සහිත මෘදුකාංග install කරගන්න WSL හරහා ඉදිරියෙදි අපිටත් පුළුවන් වෙයි.

Linux වල අනාගතේ කෙබඳු වේවිද? අපි බලාගෙන ඉඳිමු!

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara