ලොව ප්‍රථම USB-C Port එක සහිත iPhone දුරකථනය eBay හි $86,001කට අලෙවි වෙයි

ලොව ප්‍රථම USB-C Port එක සහිත iPhone දුරකථනය eBay හි $86,001කට අලෙවි වෙයි

Lightning Port එක වෙනුවට USB-C Port එකක් ඇති නවීකරණය කරනු ලැබූ iPhone X ජංගම දුරකථනයක් eBay හි $86,001 ක මුදලකට විකුණා ඇත. Robotics Engineering ශිෂ්‍යයෙකු වෙන Kenn Pillonel විසින් මෙලෙස නවීකරණය කර ඇත. මෙම දුරකථනයෙහි charging සහ Data Transfer යන දෙකටම Type-C Cable එකක් භාවිතා කළ හැකි නමුත් Pillonel අනතුරු අඟවන්නේ, ගැණුම්කරු මෙය සාමාන්‍ය දුරකථනයක් ලෙස භාවිතා නොකළ යුතු බවයි, සහ එහි Restore, Erase කිරීම සහ OS Update කිරීම නොකළ යුතු බවයි. ඔහු පවසන්නේ ඒවා කිරීමෙන් එය කැඩී යාමේ අවධානමක් ඇති බවයි.

පුදුමයට කරුණ නම් iPhone X හි මුල් විකුණුම් මිල මෙන් අසූ ගුණයකට වඩා වැඩි මිලකට එය අලෙවි වී තිබීමයි. Pillonel විසින් තාක්ෂණික විස්තර, Open-Sourced Project එකක් ලෙස Github වෙත ඇතුළත් කිරීමට ඔහු කටයුතු කළත්, ඇත්ත වශයෙන්ම එය එලෙස වෙනස් කිරීම හා ප්‍රතිනිර්මාණය කිරීම පහසු කාර්යයක් නොවේ. එයට හේතුව Phone එක තුළට අමතර Circuit එකක් ඇතුළත් කිරීමක් ද කල යුතු නිසා යි.

මෙය විකිණීම සඳහා ලංසු තැබීම ආරම්භ වූයේ $1 කි වුනත් පළමු දිනය අවසානයේදීම $3,000 ඉක්මවා තිබුණි. වෙන්දේසිය අවසන් වීමට පෙර ආපසු ලබා ගත් $100,000 ක පමණ ඉහළ ලංසු කිහිපයක් ද තිබුණු අතර මුළු ලංසු ගණන 116 ක් විය.

මූලාකෘතිය විකුණා ඇතත්, Pillonel පවසන්නේ USB-C iPhones හි Fast-Charging, Waterproofing USB-C වැනි අංග වැඩිදියුණු කිරීමට දිගටම කටයුතු කරන බවයි.

Source: The Verge

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara