Windows Terminal 1.0 - Windows වලටත් Linux වලට වගේ Package Manager එකක්

Windows Terminal 1.0 - Windows වලටත් Linux වලට වගේ Package Manager එකක්

Windows Package Manager නමින් Package Manager එකක් Microsoft සමාඟම විසින් හඳුන්වාදීමට යන බව Microsoft ලාගේ DevBlogs අඩවියේ නිවේදනය කර ඇත. එහි Preview සංස්කරණයක් දැනටමත් ලබාගත හැක.

Linux භාවිතා කරන අයට නම් Package Manager එකක් යනු අලුත් දෙයක් නොවුණත්, Windows උදවියට මෙය නවමු අත්දැකීමක් වනු ඇත.

Linux පාදක මෙහෙයුම් පද්ධති වල සුලබව භාවිතා වන APT, Pacman, AUR, YUM ආදී බොහොමයක් වූ Package Managers අනුකරණය කරමින් මෙය ඉදිරිපත් කර තිබීම විශේෂ කාරණාවකි.

තවත් විශේෂ කාරණාවක් වන්නේ මෙම Package Manager එකත් Open Source ආකාරයට ලබාදීමයි.

මෙවැනි දේ ඇසීමට ලැබීම පුදුමයකට කරුණක් නොවන්නේ, නව Windows 10 සංස්කරණ සමඟ Subsystem for Linux යනුවෙන් යෙදුමක්ද අමුණා එවීමයි. මෙමඟින් Virtualization කිරීමකින් තොරවම සෘජුව Linux පාදක මෙහෙයුම් පද්ධති, Windows මත run කිරීමේ හැකියාව ලැබේ.

Ubuntu ආදී මෙහෙයුම් පද්ධති Microsoft Store එක හරහා බාගත කර සාමාන්‍ය Software එකක් ලෙස Install කිරීමේ හැකියාවද එමඟින් ලබා දෙන ලදි.

Windows Insider වැඩසටහන හා සම්බන්ධ වී සිටින ඔබට මෙම Package Manager එක Microsoft Store හරහා, App Installer නමැති මෘදුකාංගය ස්ථාපනය කිරීමෙන් ලබාගත හැක. එමෙන්ම මෙහි කේතය මෙම GitHub පිටුවෙන් ලබාගත හැක.

මෙම Package Manager එක භාවිතා කිරීමට නම්, Windows Powershell එක හරහා පිවිසිය යුතුය. Linux පාදක Debian මෙහෙයුම් පද්ධති සඳහා වූ APT Package Manager එකහා සමාන Commands ඔබට මෙහිදී ද දැකබලාගත හැක.

එනම්, ඔබට යම් App එකක් install කිරීමට අවශ්‍ය නම් winget install terminal ලෙස භාවිතා කළ යුතුය. APT Package Manager එකේ නම්, එය apt-get install terminal ලෙස වේ.

Microsoft සමාඟමේ අනාගතය Open Source මෘදුකාංග මත රඳා පවතීවිද? අපි බලාසිටිමු!

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara