ඔක්තෝම්බර් 5 නිකුත් වන Windows 11 සංස්කරණයේ Android apps ධාවනය කල නොහැක: Microsoft සමාගම

ඔක්තෝම්බර් 5 නිකුත් වන Windows 11 සංස්කරණයේ Android apps ධාවනය කල නොහැක: Microsoft සමාගම

සියලු දෙනා අතර විශාල කතාබහක් ඇතිකරමින් Microsoft සමාගම 2021 වර්ෂයේදි නිල වශයෙන් Windows 11 සංස්කරණයක් නිකුත් කරන බවට නිවේදනය කරනු ලැබුවා. එහිදී Microsoft සමාගම විසින් Windows 11 සදහා ලබා දිමට නියමිතව පවතින ඉතාම වැදගත් Feature එක වෙන්නේ Android Apps Windows 11 මත ධාවනය කිරීමට ඇති හැකියාවයි.

මේ වන විටත් Windows Insider Preview හරහා Windows 11 Beta සංස්කරණය මුදාහැර තිබුනත්, එහිදී ද මෙම Android Apps ධාවනය කිරීමේ හැකියාව ලබා දී නොමැති වෙනවා. ඒ වගේම මේ වෙන විට Microsoft සමාගම විසින් Windows 11 Stable සංස්කරණය 2021 ඔක්තෝබර් 05 වන දින නිකුත් කරන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. නමුත් මේ Windows 11 Stable සංස්කරණය හරහාද ඔබට මෙම Android Apps ධාවනය කිරීමේ හැකියාව නොලැබෙනු ඇත.

මේ වනවිටත් Microsoft Store එක තුලට Android Apps එකතු කිරීම සදහා Amazon හා Intel සමාගම් සමග එක්ව කටයුතු කරන බවත් Stable සංස්කරණය නිකුත් කර ඉදිරි මාස කිහිපය තුලදී Windows Insidersලා හට මෙම Android Apps සහිත නව Microsoft Store එක නිකුත් කරන බවත් Microsoft සමාගමේ අළෙවිකරණ සාමාන්‍යාධිකාරී Aaron Woodman මහතා පවසා සිටිනවා.

ඒ අනුව ඔබ අප සියලු දෙනාම බලා සිටි මේ Android Apps ධාවනය කිරීමේ හැකියාව 2022 වර්ෂය වන තුරුම Windows 11 සදහා නොලැබෙනු ඇති බව මේ අනුව අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: The Verge

Read more

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

Starlink සමඟින් Elon Musk මේ වසර අවසානයේ ලංකාවට පැමිණෙන බව වාර්තා වේ

ඔබට මතක ඇති ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් Space X සමාගමේ CEO වෙන Elon Musk මහතා ඉන්දුනීසියාවේදී හමුවු බව. ඒ අනුව එහිදි රනිල් වික්‍රමසිංහ මහතා විසින් Elon

By Bhasura Nuwan Kularathna
ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna