Windows 11 සංස්කරණයේදී Android APKs sideload කිරීමේ හැකියාවෙන් යුක්ත බව වාර්තා වේ

Windows 11 සංස්කරණයේදී Android APKs sideload කිරීමේ හැකියාවෙන් යුක්ත බව වාර්තා වේ

Android වැඩකාරයො අපේ Articles නිතරම කියවල Update එකෙ ඉන්න ඔයා දැනටමත් දන්නව නිකුත් වෙන්න තියෙන Windows 11 වලදි අපිට Android Apps Install කිරීමේ හැකියාව ලැබෙන බව. ඒ Amazon Store එක Microsoft වෙත ගෙන ඒමෙන්. ඉතින් Windows 11 වලදි ඔයාට පුලුවන් Microsoft Store හරහා ඔයා කැමති ගොඩක් Android Apps, native ම install කරලා භාවිත කරන්න.

ඒ වගේම මේ වෙද්දි දැනගන්න ලැබෙනව Windows 11 වලදි Android APKs Sideload කිරීමට අවස්ථාව ලැබෙන බව. මේ Sideload කිරීම හරහා ඔයාට පුලුවන් Microsoft Store වලට පිටතින් ඔයා කැමති APK එකක් Download කරල Install කරගන්න.

Miguel de Icaza. ඔහු GNOME, Mono සහ Xamarin වැනි projects වල පුරෝගාමියෙක් වනවා. 

මේ තොරතුරු සනාථ කිරීමක් විදියට සුප්‍රසිද්ධ ඉංජිනේරුවෙකු වන Miguel de Icaza මහතාගෙ ප්‍රකාශයන් දක්වන්න පුලුවන්.

සරලවම APK files Windows 11 තුළදි Install කරන්න පුලුවන්ද කියල මෙයාගෙන් ඇහුවොත් මෙයාගෙ උත්තරය වෙන්නෙ "ඔව්" කියන එක. Miguel මහත්මය දැනට "GNOME" සහ තවත් Software Projects ගොඩක් එක්ක වැඩකරනව. වැදගත්ම දේ වෙන්නෙ මෙයා දැනට සේවය කරන්නෙ Microsoft ආයතනයෙ.

කොහොම උනත් දැනට Windows 11 වලදි APK Install වෙනව නම් ඒ ක්‍රියාවලිය වෙන ආකාරය ගැන පැහැදිලි නැහැ. සාමාන්‍ය විදියට APK එකක් Download කරගෙන දෙවරක් Mouse එක Click කිරීමක් හරහා APK එකක් Install කරගත හැකිවේද ?

Source: The Verge, Windows Central

Read more

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

ජනාධිපති රනිල් Elon Musk හමුවේ, Starlink ශ්‍රී ලංකාවේ ස්ථාපන​ය ගැන සාකච්​ඡා

10වන ලෝක ජල සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දුනීසියාව බලා පිටත් වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට SpaceX සමාගමේ CEO වෙන Elon Musk මහතා හමුවී තිබෙනවා. එහිදී Elon

By Bhasura Nuwan Kularathna
Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Honor, Nothing, OnePlus, Oppo, Realme, vivo සහ Xiaomi Smartphones සඳහාත් Android 15 Beta සංස්කරණයන් ලබා දීම ආරම්භ කරයි

Google සමාගම විසින් ඔවුන්ගේ නවතම Android සංස්කරණය වන Android 15 දෙවන Beta සංස්කරණය නිකුත් කරන්න මේ වන විට කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම Beta සංස්කරණය අත්විදීමේ හැකියාව Google සමාගමේ Pixel Devices සඳහා පමණක් සිමා නොවනවා.

By Bhasura Nuwan Kularathna
Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් ඩොලර් බිලියන 125ක පමණ වටිනාකමකින් යුතු විශ්‍රාම වැටුප් අරමුදලක් වැරදීමකින් මකා දමයි

Google සමාගම විසින් මෑතකදී UniSuper නම් ඕස්ට්රේලියානු විශ්‍රාම වැටුප් අරමුදලට අදාලව ඩොලර් බිලියන 125කට ආසන්න වටිනාකමකින් යුතු Private Google Cloud ගිණුමක් වැරදීමකින් මකා දමා තිබෙනවා.

By Bhasura Nuwan Kularathna