Windows 11 සඳහා අලුතින් Windows Defender App එකක් හඳුන්වා දීමට සූදානම් වේ

Windows 11 සඳහා අලුතින් Windows Defender App එකක් හඳුන්වා දීමට සූදානම් වේ

Windows 8/8.1 සහ 10හිදී නොමිලේම අපට Anti-Virus Guard එකක් ලැබුනා. මෙය Windows 8හීදී Microsoft Defender ලෙස හැඳින්වූ අතර Windows 10හිදී මෙය විශාල වැඩි දියුණු කිරීම් රැසක් සමඟම Windows Security ලෙස මෙය ලබා දුන්නා.

Windows 10හි තිබූ Windows Security App එකම ඔක්තෝම්බර් 05 වන දා එළි දැක්වූ Windows 11 සඳහාද ලබා දුන්නා. නමුත් Microsoft සමාගම අලුතින් Microsoft Defender App එකක් හඳුන්වා දීමට කටයුතු කරන බවක් මෑතකදී අන්තර්ජාලයට නිකුත් වූ Screen Shot එකකින් පෙනී යනවා.

Microsoft සමාගමේ මේ සඳහා ඇති සැලසුම් හඳුනාගැනීමට මෙය ප්‍රමාණවත් නැහැ. නමුත් දැනට Windows Security App එක හරහා Microsoft Defender Antivirus එක Microsoft Store එක මඟින් Download කර ලබා ගත හැකි වනවා.

වාර්තා වලට අනුව සඳහන් වන්නේ මෙම නවතම  Defender Antivirus එක වැඩි Customization කිරීමේ හැකියාවකින් සහ වැඩි දියුණු කළ පහසුකම් සමඟ මෙමඟින් නව අත්දැකීමක් ලබා ගැනීමට හැකි වන බවයි.

තවමත් මෙය නිකුත් වන දිනයක් නිශ්චිතවම කිව නොහැකි අතර, නමුත් මෙය නුදුරේදීම Windows 11 insider පරිශීලකයන්ගෙන් Dev Channel එකෙහි සිටින් පරිශීලකයන්ට ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.

Source - Pure Info Tech

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara