Windows 11 සඳහා පමණක් නිකුත් කළ Emojis Windows 10හිදිත් භාවිත කරන්නේ කොහොමද?

Windows 11 සඳහා පමණක් නිකුත් කළ Emojis Windows 10හිදිත් භාවිත කරන්නේ කොහොමද?

Microsoft සමාගම මේ සතියේ Windows 11 හි එහි Fluent-style emoji ලබා දෙන බව අප ඔබට මීට පෙර වාර්තා කළා. නමුත් මේ Emojis ඉදිරි Update එකකින්වත් Windows 10 සඳහා officially ලබා නොදෙන බව Microsoft සමාගම නිවේදනය කර තිබෙනවා.

ඉතින් අද අපි බලමු Windows 11 සඳහා පමණක් නිකුත් කළ මෙම නව Emojis, Windows 10 හිදිත් භාවිතා කරන්නේ කොහොමද කියලා. මේවා දැනටමත් Windows 11 Insiders ලාට ලබා දී ඇති අතර ඔබ Windows 11 හි Stable Version එක භාවිතා කරන පරිශීලකයෙක් නම් ඔබටද මේ මඟින් එම නව Emojis ලබා ගත හැකි වනවා.

පියවර 1

මෙම TTF File එක Download කරගන්න (3MB)

පියවර 2

ඉන්පසුව එම File එක Open කරගෙන එහි Version එක 1.32 දැයි බලන්න.

පියවර 3

Version එක නිවැරදි නම් එහි ඇති Install Button එක Click කර මේ Emoji Style එක Install කරගන්න.

පියවර 4

දැන් ඔබගේ Desktop එක හෝ Laptop එක Restart කරගන්න.

පියවර 5

දැන් Win + . Press කර Emoji Panel එක Open කරගන්න. දැන් ඔබට මේ නව Emojis බලාගන්න පුළුවන්.

Source: Winaero

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara