Windows මත ධාවනය වන මු​ළු පරිගණක ප්‍රමාණයෙ​න් 5%ක්ම Windows 11 මත ධාවනය වන බව වාර්තාවකින් හෙලිවේ

Windows මත ධාවනය වන මු​ළු පරිගණක ප්‍රමාණයෙ​න් 5%ක්ම Windows 11 මත ධාවනය වන බව වාර්තාවකින් හෙලිවේ

Microsoft සමාගම විසින් පසුගිය ජුනි මාසයේදි ඔවුන්ගේ නවතම Windows 11 සංස්කරණය නිල වශයෙන් එළිදැක්වීමට කටයුතු කළ අතර ඔක්තෝබර් 05 වන දින සිට Windows 11 සංස්කරණය නිල වශයෙන් Download කර ගැනිමටත් අවස්ථාව ලබා දුන්නා.

මේ වෙන විට Modern Windows PCs වලින් 05% ක පමණ ප්‍රමාණයක Windows 11 සංස්කරණය භාවිත වෙන බවට AdDuplex විසින් සිදු කරන ලද සමික්ෂණයක් මගින් හෙළි වි තිබෙනවා. මින් 4.8%ක් පමණ Windows 11 සංස්කරණයේ Stable Version එක ද, 0.3% පමණ ප්‍රමාණයක් Windows 11 Insider Programme එක ද භාවිත කරන බවත් ඔවුන් විසින් දක්වා තිබෙනවා.

මේ වෙන විට බොහෝ දෙනා භාවිත කරන Windows සංස්කරණය Windows 10 වෙන අතර එහි 2021 May 10 Update එක ( Version 21H1 ) 37.6% පමණ ප්‍රමාණයක් භාවිත කරන අතර තවත් 34%ක පමණ ප්‍රමාණයක් Windows 10 සංස්කරණයේ 2020 October Update එක (Version 20H2) භාවිත කරනු ලබනවා.

සංඛ්‍යා ලේඛණ පරික්ෂා කිරිමේදි Windows 11 සංස්කරණය භාවිත කරන පිරිස 05%ක තරම් කුඩා ප්‍රමාණයකට සිමා වුවද මෙම Windows 11 යාවත්කාලීනය සිදු කිරිමට Windows 10 Usersලාට Microsoft සමාගම විසින් කිසිදු ආකාරයක බලපෑමක් සිදු නොකරනු ලැබු අතර   තවමත් නිල වශයෙන් නිකුත් කර සති තුනක් පමණ ගත වෙන බැවින් Windows 11 සංස්කරණය බාවිත කරන ප්‍රමාණය ඉදිරියේ දි තවත් වර්ධනය වෙනු ඇතැයි ඔවුන් විසින් පුරෝකථනය කර තිබෙනවා.

Source: XDA Developers, AdDuplex

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara