Windows 11 සඳහා Redesign කරන ලද නව Task Manager App එකක් හඳුන්වා දීමට Microsoft සමාගම කටයුතු කරයි

Windows 11 සඳහා Redesign කරන ලද නව Task Manager App එකක් හඳුන්වා දීමට Microsoft සමාගම කටයුතු කරයි

ප්‍රධාන වශයෙන් Windows මෙහෙයුම් පද්ධතියේ  System Resources සහ Startup Services කළමණාකරණයට ඇති Task Manager යෙදවුම සඳහා අලුත් UI එකක් සමගින් නව පහසුකම් නිකුත් කිරීමට Microsoft සමාගම දැන් කටයුතු කරමින් සිටිනවා.

මෙහි UI එකෙහි සිදු කරන ලද වෙනස්කම් අතර rounded corners, transparency effects, updated icons යනාදිය ඇතුළත් වනවා. තවද මෙහි විවිධ Sections අතර හුවමාරු වීමට වම් පසින් Navigation pane එකකුත් ඇතුළත් කර තිබෙනවා.

ඊටත් අමතරව මේ අලුත් Task Manager App එක Dark Mode එක සඳහාත් සහාය දැක්වීම විශේෂත්වයක්.

Task Manager New Design
Task Manager Settings

මෙය තවමත් නිල වශයෙන් ලබා ගත නොහැකි අතර නමුත් මෙය Windows 11 (build 22538) හි නවතම preview build එකෙහි සඟවා ඇති අතර එය අප විසින්ම Command Prompt හි Command Run කර ඒ තුළින් Manually ලබා ගත යුතු වනවා. එනම් මේ App එක තවමත් දැඩි සංවර්ධනයක් යටතේ පවතින්නක්.

මෙය Microsoft සමාගම විසින් නිකුත් කරන්නේ කවදා ද යන පිළිබඳව නිශ්චිත තොරතුරු ලැබී නැති නමුත් 2022 මැද හෝ අග භාගයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන Windows 11 22H2 Update එකෙහි මේ Redesign කරන ලද නව Task Manager App එක ඇතුළත් වීමට ඉඩ ඇතැයි අපට අපේක්ෂා කළ හැකි වනවා.

Source - Pureinfotech

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara