Windows 10 File Explorer icons අලුත් වෙයි

ළඟදීම සිදුවන Windows redesign හි පෙර සලකුණු දැන් දකින්න පුළුවන්

Windows 10 File Explorer icons අලුත් වෙයි

Windows 10 beta program එක වන Windows 10 Insider Preview හි නවතම සංස්කරණයේ මේ වෙනස ඔබට දැකගත හැකියි.

Microsoft විසින් මේ නව design ආකෘතිය යොදා ගැනීම ආරම්භ කළේ Office icons redesign කිරීමත් සමඟයි. එයට පසු Windows Core Apps (Calendar සහ Mail) යනාදියට මෙම නව design එක පැමිණි අතර දැන් අලුතෙන්ම file explorer සඳහාත් මේ නව icons හඳුන්වා දී තිබෙනවා.

Image Source: Microsoft

Folder icons නම් එකවර හඳුනාගැනීම පහසු වන ආකාරයටයි නිර්මාණය කර ඇත්තේ. එසේම Recycle Bin icon එකෙත් යම් වෙනසක් දැකිය හැකියි.

ළඟදීම Windows 10 හි design එක වෙනස් වන බව ඔබට පෙර ලිපියකින් දැනුම් දුන්නා. මේ වෙනස්කම්ද ඒ නව design එක සඳහා හැඩගැසීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Source: Windows Central

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna