2024 වසරේ ජනප්‍රියම iPhone මාදිලිය SE 4 ද?

2024 වසරේ ජනප්‍රියම iPhone මාදිලිය SE 4 ද?

දැනට පවතින නවතම කටකතා වලට අනුව iPhone SE  හතරවන පරම්පරාව නැතහොත් 4 generation මාදිලිය 2024 මුල වෙළඳපලට නිකුත් කරන්නට ඇපල් සමාගම කටයුතු කරමින් සිටිනවා. කලින් වසරවලට සාපේක්ෂව මෙවර iPhone SE මාදිලියේ සැලකිය යුතු මට්ටමකින් features කිහිපයක් අලුතින් එක් කරලා තියෙනවා. 

විශේෂයෙන්ම Design එක ගතහොත් iPhone 14 මාදිලියට සමාන Design එකක් බලාපොරොත්තු වෙනවා. ඒවගේම OLED Display, FaceID සහ iPhone 15 Pro මාදිලියට මෙම වසරේ එක් කල Action Button එකද එකතු වීමට ඉඩකඩ තියෙනවා. 

European Union නීති නිසා මේ වසරේදී iPhone 15 මාදිලියට හදුන්වාදෙනු ලැබූ USB Type C port එක ද නිසැක වශයෙන්ම මෙම iPhone SE 4th generation එකේ අපිට දැකගන්න පුළුවන් වේවි. මෙම මාදිලියේ එක් කැමරාවක් පමණක් primary කැමරාව ලෙස යොදා ගැනීමට බහුලව ඉඩකඩ තියෙනවා.

දත්ත වලට අනුව මෙම දුරකථනය ඇමරිකාව තුල $499 කට වැනි මුදලකට Apple සමාගම විසින් අලෙවි කරයි යැයි විශ්වාස කරන්න පුළුවන්. එම නිසා iPhone SE 4 මාදිලිය දශකයේ විශිෂ්ටතම මාදිලිය වනු ඇති බව බලාපොරොත්තු වෙන්න පුළුවන්. 

එයට හේතුව, මීට සුළු කාලයකට පෙර ලබන වාර්තාවකින් දැක්වෙන පරිදි ඇමරිකාවේ Teenagers ලාගේ ජනප්‍රියම දුරකතන මාදිලිය වන්නෙ iPhone එකයි. එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 87% වැනි ප්‍රමානයක්.

මෙවැනි මුදලකට මේ තරම් features ප්‍රමාණයක් එක් කරලා iPhone එකක් නිකුත් කළ හොත් එය ඉතාම ජනප්‍රියත්වයට පත් වෙන බව කලින් වසරවල ලබාගත් දත්ත අනුව නිගමනය කිරීමට පුළුවන්.

Source: www.macrumors.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara