සබන් මිලදී ගැනීමේදී සහ සබන් භාවිතා කිරීමේ​දී TFM අගය ගැ​න අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි?

සබන් මිලදී ගැනීමේදී සහ සබන් භාවිතා කිරීමේ​දී TFM අගය ගැ​න අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුත්තේ ඇයි?

TFM අගය එහෙමත් නැත්නම් Total Fatty Matter අගය පිලිබද මෑත කාලයේදී ඔබ අසා ඇති. මොකද මේ මෑතකාලයේදී සමහර සමහර සබන් නිෂ්පාදනය කරන සමාගම් මේ TFM අගය පිලිබද තොරතුරු ඔවුන්​ගේ වෙලද ප්‍රචාරන කටයුතු වලට යොදාගත් නිසා. ඇත්තටම මොකක්ද මේ TFM අගය? මේක වැදගත් වෙන්නේ ඇයි?

සරලව කිව්වොත් TFM අගය කියන්නේ සබන් වල ගුනාත්මක බව මනින තවත් එක් ක්‍රමයක්.මේ TFM අගයෙන් සබන් වල තියෙන මේද ප්‍රමානය, මූලිකව මේද අම්ල (fatty acids) ප්‍රමානය ප්‍රතිශතාත්මකව ප්‍රකාශ කරනවා.

සබන් වල TFM අගය අපේ සමට බලපාන්නේ කොහොමද?

මේ TFM අගයෙන් සබන් වල ගුනාත්මකභාවය මනිනවා කියලා මම සදහන් කරා. ඉතින්  TFM අගය වැඩි සබන් භාවිතා කිරීම අපේ සමේ තෙතමනය නිසි ආකාරව පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම TFM අගය අඩු සබන් භාවිතය අපේ සමේ වියලීමට හේතු වෙනවා. මෙලෙස අසාමන්‍ය ලෙස සම වියලීම හේතුවෙන් සම බිදවැටීම, කුශ්ට හා විවිධ ආසාදන සම මතුපිට ඇතිවෙන්න පුලුවන්.

සබන් වල TFM අගය කොපමන තිබිය යුතුද?

මූලිකව අපිට සබන් වර්ග ඇඟගල්වන සබන් (Toilet Soaps) හා රෙදිසෝදන සබන් (Laundry soaps) ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්න පුලුවන්.

ඉන්දියානු ප්‍රමිති කාර්යංශය (BIS) TFM අගය අනුව ඇඟ ගල්වන සබන් ශ්‍රේණි 3කට හා රෙදිසෝදන සබන් ශ්‍රේ​ණී දෙකකට බෙදා දක්වනවා (ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන් ගැනපහලින් කියන්නම්)

ශ්‍රී ලංකා ප්‍රමිනි ආයතනයට(SLSI) අනුව ඇඟ ගල්වන සබන්වල TFM අගය 76.5% හෝ ඊට වැඩි අගයක පැවතිය යුතුයි. වෙලදපලේ තියෙන හැම සබන් කැටයක​ම බාහිර කවර​යේ මේ TFM අගය සදහන් කරලා තියෙනවා.

ඉතින් මේ දේවල් කියපු දේවල් එක්ක ඔයගොල්ලොන්ට කල්පනා කරන්න දෙයක් තියෙනවා.ඒ ශරීරයට හිතකරයි කියලා වෙලදපලේ තියෙන ජනප්‍රිය වෙලදනාම වලින් එන සබන් කැට ඇත්තටම ශරීරයට හිතකරද? ඇඟගැල්වීමට සුදුසුද? ඒවායේ TFM අගය කීයද? තීරනය බුද්ධිමත් පාරිභෝගිකයන් වන ඔබ සතුයි.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna