අපි Twitter ගිණුමක් සාදාගත යුත්තේ ඇයි?

අපි Twitter ගිණුමක් සාදාගත යුත්තේ ඇයි?

ලංකාවේ ඇත්තටම Social media කියල කාගෙන් හරි ඇහුවොත් වැඩියෙන්ම හම්බෙන උත්තර මොනවද? Facebook, Instagram. ඔය දෙක තමයි බහුතරයක් උත්තර දෙන්නේ. ඊට අමතරව ලංකාව ඇතුලේ ප්‍රසිද්ධ නැති ඒත් ඔය කියන Facebook, Instagram වලට වඩා ගොඩක් advance, ලෝකයේ ප්‍රසිද්ධ, විශාල ප්‍රමාණයක් භාවිතා කරන මීට වඩා වෙනත් ආකාරයේ Social Media platform විශාල ප්‍රමාණයක් තියෙනවා.

ඉතිං ඔය Social Media කියන්නේ Facebook, Instagram විතරක් කියල හිතලා සෙලිබ්‍රිටි මානසිකත්වයේ ඉන්න අය අනිවාර්‍යෙන්ම දැනගන්න ඕන Social Media platform එකක් තමයි Twitter කියන්නේ.

1. විශ්වාසනීය නිවුස් ලැබීම

කට්ටිය දන්නවා ඇති ලෝකයේ fake news කියන එක ඉක්මනින්ම පැතිරෙන මාධ්‍ය තමයි social media කියන්නේ. ඒකෙත් මුල් ස්ථානය ගන්නේ Facebook කියල අවිවාදයෙන් කියන්න පුළුවන්. මොකද අවුරුද්දකට කලින් ශෙයාර් උන එක් ලේ වර්ගයක ලේ අවශ්‍යයි කියන පෝස්ට් තාම ශෙයාර් වෙනවා. ඒ වගේමයි, කිසිම වගකීමකින් තොරව reach එක ගන්න විවිධාකාරයේ පේජ් වල ඇඩ්මින්ලා විසින් මවන පුවත් එහෙම හිතාගන්නවත් බැරි ඉක්මනින් පැතිරෙන විශාලතම මාධ්‍ය තමයි Facebook කියන්නේ.

ඒත් Twitter කියන්නේ ඒ වගේ ෆේක් නිවුස් පැතිරෙන මාර්ගයක් නෙවෙයි. මොකද Twitter එකේ හැම නිවුස් එකක්ම වගේ ඉතාමත් ඉක්මනින්ම ලබාගන්න පුළුවන්. දැන් දැන් දේශපාලඥයන් පවා තම පණිවුඩ නිකුත් කරන නිල මාධ්‍ය ලෙස භාවිතා කරන්නේ Twitter එක. ඒකෙනුත් ඉදිරියෙන්ම ඉන්නේ Donald Trump.

ඒ විතරක්ම නෙවෙයි, ලෝක ප්‍රකට ක්‍රීඩකයෝ, ව්‍යාපරිකයෝ, සමාගම එකී මෙකී නොකී සැම දෙනාම වගේ වැඩියෙන්ම භාවිතා කරන්නේ Twitter ජාලයයි. ඉතිං Twitter කියන්නේ වගකීමකින් යුතුව නිවුස් එකක් ලබාගන්න පුළුවන් මාධ්‍යක්.

2. නිර්මාණශීලිත්වය වර්ධනය වීම

සාමාන්‍යෙන් මොනවම හරි සිද්ධියක් උනාම ෆේස්බුක් ජනතාවගේ කාර්‍යා තමයි දිග හෑලි, කවි, රචනා ලියන එක. ඒ වගේම ඔය මොකක් හරි පේජ් එකකින් දාන පෝස්ට් එක දහ අතේ ශෙයාර් කරන එක, එහෙමත් නැත්තම් ඒ පේජ් වලින් හදපු පෝස්ට් එකක් කොපි කරල තමන්ගේ වගේ ටයිප් කරලා දාල පබ්ලිශ් කරන එක.

ඒත් Twitter එකේදි ඔය හෑලි සිද්ධිය බෑ. මොකද Twitter එකේ එක පාරකට ටයිප් කරන්න පුළුවන් අකුරු 280යි. දාන සෙලමක් ඔන්න ඔය අකුරු 280 ඇතුලෙ තමා දාන්න ඕනේ. ඉතිං හිතන්නකෝ කොයි විදිහේ නිර්මාණ ශීලිත්වයක් තියෙන්න ඕනෙද කියල ඒ වගේ අකුරු කීපයකින් තමන්ගේ අදහා එකට කැටි කරලා අනිත් අයත් එක්ක බෙදාගන්න. ඒත් එහෙම බැරි වෙලාවකදී thread එකක් වගේ අරගෙන යන්න පුළුවන්.

මෙන්න මේ හේතුව නිසාම ගොඩක් වෙලාවට Twitter එකේ ඉන්න කෙනෙක්ගේ Profile එකට ගියොත් අපිට දකින්න ලැබෙන්නේ වැඩි හරියක් ඒ කෙනාගේම සිතුවිලි.

ඒත් අවාසනාවකට දැන් Facebook page කරන ගොඩක් අය කරන්නේ Twitter එකට ඇවිත් Tweets උස්සලා අරගෙන පේජ් වල පෝස්ට් හදලා තමන්ගේ වගේ දාන එක.

3. භාෂාමය දැනුම වර්ධනය

Twitter එක කියන්නේ විවිධ භාෂාවලින් කතා කරන අය එක්ක interact වෙන්න පුළුවන් social media platform එකක්. ලංකාවේ උනත් ඉන්න celebritiesලා උනත් tweet කරන්නේ ඉංග්‍රීසි භාවිතා කරලා. සාමාන්‍ය ජනයා වැඩි හරියක් සිංහලෙන් tweet කරනවා උනත් දෙකම කලවමේ භාවිතා කරනවා. ඉතිං ඉතාමත් ඉක්මනින් අපේ vocabulary එක වර්ධනය කරගන්න පුළුවන්.

තවත් inbuilt translator එකක් එන නිසා වෙනත් භාෂා වලින් තියෙන tweets ඉංග්‍රීසියට හරවලා අපිට බලන්නත් පුළුවන්. මේ හේතුව නිසා අපිට ඉංග්‍රීසි වගේම තවත් භාෂාවන් ඉගෙන ගන්න පුළුවන්.

4. සමාගම සමඟ සම්බන්ධ වීමේ හැකියාව

තවත් එක වාසියක් තමයි, අපිට ප්‍රශ්නයක් ආවම අදාල සමාගම ඍජුව සම්බන්ධ කරගෙන එයට අදාල විසඳුම ඉක්මනින් ලබා ගැනීමට හැකියාව ලැබීම. උදාහරණයකට ගත්තොත් උඩ Screenshot එකේ දාලා තියෙන්නේ මට ආපු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් Dialog Axiata සමාගමේ Twitter account එකට Tweet එකක් මගින් යොමු කරාම personalize service එකක් ලබා දීම.

ඉහත screenshot එකට අදාලව පැවතුණු Twitter සංවාදය මේ හරහා නැරඹිය හැක

5. පස්සේ එඩිට් කරන්න නම් බෑ

Twitter එකේ ඉන්න ගොඩක් අයගේ ඉල්ලීමක් තමයි තමන් දාන Tweets edit කරන්න පුළුවන් වෙන්න option එකක් දෙන්න කියන එක. ඒත් Twitter creatorsලා මේ ඔප්ශන් එක දෙන්නේ නෑ. උඩ තියෙන ඉමේජ් එකේ තියෙන්නේ The Wired එකත් එක්ක කරපු interview එකකදී Jack Dorsey (Twitter co-founder) විසින් ඔවුන් edit button එක ලබා නොදෙන බව ප්‍රකාශ කරන ආකාරයයි.

දැන් තියෙන ගොඩක් Social Media platform වල තියෙන දෙයක් තමයි edit option එක. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට මිනිස්සු පෙළඹිලා ඉන්නවා පසුව තමන්ගේ පෝස්ට්ස් එඩිට් කිරීමට. නමුත් එය අහුරමින් Twitterහි edit option එකක් ලබා නොදෙයි. අවශ්‍ය නම් සම්පූර්ණ tweet එකම delete කර නවත පලකිරීමක් කිරීම හෝ තමන්ගේ Tweet එක Clarify කිරීම සිදු කල හැක.

6. දන්න අඳුරන අය අඩු වීම සහ තමන්ට තමන්ගේ නිදහස විඳිය හැකි වීම

Facebook, Instagram වල තියෙන අවුල තමයි ඉන්න හැම කෙනාම වගේ ඒකේ ඉන්න එක. නෑදෑ පරපුර, අහලපහල ගෙවල්වල මිනිස්සු, ඉස්කෝලේ අය, වැඩකරන තැන අය එකීමෙකී නොකී හැම කෙනාම කෙටියෙන්ම කිව්වොත් කොල්ලයි බල්ලයි ඔය දෙකේම ඉන්නවා. ඉතිං නිදහසේ දෙයක් කරන්න බෑ ඔය දෙකේම. එක්කෝ හොය හොය බ්ලොක් කරන්න වෙනවා. ඒත් හදිස්සියේවත් මගෑරුණොත් ආයේ ඉවරයි. CCTV වල එහානේ.

ඒත් Twitter එකේදි ඔය ප්‍රශ්නය එන්නේ නෑ. ඉන්න හැම කෙනාම නෑ. තමන්ට තම්න් වෙන්න පුළුවන්. තමන්ගේ නිදහසේ තමන්ට සිතැඟි දේ tweet කරන්න පුළුවන්. කිසිම සීමාවක් නෑ. ඉතිං Facebook එකේ නිහඬව ඉන්න කෙනෙක්ට කිසි ප්‍රශ්නයක් නැතුව Twitter එකේ ඕන විදිහකට හැසිරෙන්න පුළුවන්. කවුරුත් ඒ ට්වීට්ස් වලින් ඔයාව මනින්නවත්, ඇඟිලි ගහන්නවත් එන්නේ නෑ.

7. Professional යාළුවෝ සෙට් කරගන්න හැකි වීම

Twitter කියන්නේ අපි නොදන්න අය ඉන්න තැනක් කියල මං කලින් කරුණකදි කිව්වනේ. මේ නොදන්න අය අතරේ වැඩිහරියක් ඉන්නේ සමාජයේ යම් මට්ටමකට ඉගෙන ගත්තු වෘත්තීමය වශයෙන් යම් මට්ටමක ඉන්න පුද්ගලයෝ. අර Facebook එකේ ඉන්න "අනී මොන ඉක්කෝලෙද, මං තාම අම්මගේ සූටි පුතානී", "මොන ජොබ්ද ගෙදරින් කාලා ඉන්නේ", "අම්මිගේ සූටි දූනේ" වගේ අය Twitter එකේ නැති තරම්. අනික best likersලා වගේ අයත් නෑ.

ඉතිං Twitter එකට ආවොත් ටිකක් සමාජයේ පිලිගැනීමක් තියෙන, තමන්ට ප්‍රයෝජනයක් වෙන, උදව්වක් ලබා ගන්න පුළුවන් ජාතියේ network එකක් හදාගන්න පුළුවන් ඔයාට. TechTrack Show එක කරන මලින්ද අයියාවත් මට ෆිට් උනේ Twitter එකෙන් එයාගේ Tweet එකකට දාපු රිප්ලයි එකකින්. දැන් හොඳම යාළුවෙක්.

8. #TweetUpSL සහ අනෙකුත් Meetups

#TweetUpSL 2017 - Source Twitter

මේ Twitter සමාජයේ හරි හරි අපූරු දේවල් වෙනවා ලෝකේ පුරාවට. Twitter එකේ ඉන්න Twitter එකෙන්ම හඳුනා ගත් tweepsලා වාර්ෂිකව එක එක meetups, events organize කරල හමුවෙලා එකිනෙකාව සැබෑ ජීවිතයේදී හඳුනා ගන්නවා.

ලංකාවෙත් මේ දේ වෙනවා. ඔය උඩ තියෙන්න ඉමේජ් එකේ තියෙන්නේ 2017 #TweetUpSL එකේදී Avindu Jayakodi කියන Tweep දාපු ඇල්බම් එකේ ෆොටෝස් කීපයක්. #TweetUpSL කියන්නේ ලංකාව තුල සිදුවෙන tweepsලාගේ වාර්ෂික නිල ඒකරාශී වීම හඳුන්වන common hashtag එක. ඔයා twitter එකට ගිහිං ඔය hashtag එක search කරොත් ඔයාට පුළුවන් ඒ ගැන වැටිලා තියෙන හැම Tweet එකක්ම වගේ බලන්න.

මීට අමතරව තවත් meetups තියෙනවා.

#ApeAwurudu

මේක නම් කට්ටිය හම්බ වෙන්නේ නෑ. ඒත් ලංකාවේ Twitter community එකෙන් තෝරගත්ත සෙට් එකක් organizing committee එකට දාල Virtual අවුරුදු උත්සවයක් තියෙනව. සේරම වෙන්නෙ hashtag වලින්, mentions වලින්.

#TPLSL

මේක තමයි ලංකාවේ tweepsලා සෙට් වෙලා කරන ක්‍රිකට් මැච් එක. Twitter Premier League Sri Lanka. ටීම්ස් Set වෙලා ක්‍රිකට් ගහලා ආතල් එක ගන්නවා.

#TweepsIftar, #ApeVesak වගේ ආගමික උළෙලවල් වලදී සිදු කරන meetups, යම් යම් ප්‍රදේශයන් මූලිකව සිදු වන #SiyaneMeetup, #DiyathaMeetup වගේ meetups, Tweepsලා සෙට් වෙලා කෝච්චියෙන් ගාලු යන #Gallebyrail, නුවර යන #KandyByRail වගේ meetups, #BeachCleanupLK, #GreenDreamSL, #RanaViruMeetup, #TwitterCharitySL වගේ පරිසර හිතකාමී සහ සමාජ සේවා සඳහා වන meetups, #DecemberMeetup වගේ යම් කාලයකදී කරන meetups සහ තවත් විශාල meetups ප්‍රමාණයක් සිද්ධවෙනව අවුරුද්දක් ඇතුලත.

ඔයාලගේ පහසුවට Twitter එකේ වෙන meetups වල සේරම hashtags ටික පල්ලෙහයින් මම දාන්නම්. ඔයාලට ඕනේ නම් ඒ hashtags වලින් twitter එකේ search කරල විස්තර බලන්න පුළුවන්.

Gathering Events

#TweetupSL
#ApeAwurudu
#TCLSL
#ngage

Religious Events

#TweepsIftar
#ApeVesak

CSR

#BeachCleanupLK
#RanaViruMeetup
#GreenDreamSL
#TweepsAtApeksha
#CharitySL
#අපේක්ෂා

Main Meetups

#GallebyRail
#PlanetariumMeetup
#Diyathameetup
#හොරමීටප්
#SiyaneMeetup
#TweepsMatchOut
#DecemberMeetup
#KandyMeetup

Entertatment

#Sajje
#සාජ්ජෙ
#RathumakaraFM
#රතුමකරාFM
#AliyaFM
#අලියාFM


මේ වගේ තවත් විශල හේතු ප්‍රමාණයක් තියෙනවා. ඒත් මේ කියල තියෙන්නේ අපිට වඩාත්ම වැදගත් වෙන කරුණු විතරයි. ඉතිං ඔයත් හිතල බලන්න ඇයි ඔයා තාම Twitter නැත්තේ කියල.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna