අද Telegram සේවාව හදිස්සියේම බිඳ වැටුනේ ඇයි?

අද Telegram සේවාව හදිස්සියේම බිඳ වැටුනේ ඇයි?

අද දිනයේදී රාත්‍රී 8:00න් පසුව එක්වරම Telegram සේවාවේ හදිසි බිඳ වැටීමක් සිදු වූ අතර එම හේතුව නිසා ලොව පුරා වෙසෙන විශාල Telegram පරිශීලකයන් පිරිසකට එම සේවාව භාවිතා කිරීමේ ගැටළු පැන නැගුනා. ඒ පිළිබඳව අප එසැණින් ඔබ වෙත වාර්තා කර අතර එම වාර්තාව මෙතනින් කියවිය හැකියි.

මේ බිඳ වැටීමට හේතු වී ඇත්තේ සිංගප්පූරුවේ පිහිටා තිබෙන DC5 නම් දත්ත මධ්‍යස්ථානයේ ඇති වූ දෝෂයක් වෙනුවෙන් එ දත්ත මධ්‍යස්ථානය හා සම්බන්ධ පරිදීලකයන් හට Telegram සේවා සඳහා පිවිස එය භාවිතා කිරීමේ ගැටළු ඇති වීමයි. ඒ පිළිබඳව Telegram පරිශීලකයන් Down Detector සේවාව සඳහා වාර්තා කර තිබුනේ පහතාකාරයෙනි.

මෙම DC5 දත්ත මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව, ඉන්දියාව ආදී ආසියානු කලාප හා බැදී පවතින රටවල් මෙන්ම ඔස්ට්‍රේලියානු පරිශීලකයන්ටද Telegram වෙත ප්‍රවේශ වීමේ සහය ලබා දෙනු ලබනා අතර මෙහි ඇති වූ දෝෂයත් සමඟ ඉහත කී කලාප වලට Telegram වෙත ප්‍රවේශ වීමෙදී ගැටලු පැන නැඟුනි.

තත්වය මේ වන විට සමනය වී ඇති අතර සංවාද නිවැරදිව ක්‍රියා කිරීමට යම් කාලයක් ගත විය හැක. ඒ කාලය අතරතුර imgaes, videos, files රැගත් පණිවුඩ හුවමාරුවේදී ගැටළු ඇති විය හැකිය.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara