මගී ගුවන් යානයකට උඩුබැලිව, එහෙමත් නැත්තම් උඩ යට මාරු කරන් එකදිගටම පියාසර කරන්න බැරි ඇයි?

මගී ගුවන් යානයකට උඩුබැලිව, එහෙමත් නැත්තම් උඩ යට මාරු කරන් එකදිගටම පියාසර කරන්න බැරි ඇයි?

සාමාන්‍යයෙන් මෙයට ක්ෂේත්‍රයේ යෙදෙන තාක්ෂණික යෙදුම inverted flight! ඔබ අසන දේ නොවීමට හේතු ගණනාවක් ඇතැත් මූලිකවම හේතු වන කරුණු කිහිපයක් ලියන්නම්.

Inverted fly කිරීමට යානයේ ඉන්ධන පද්ධතියට විශේෂ සැකසුම් ඇවැසියි. (Eg -Inverted fuel tank වැනි.) නැතිනම් ඉන්ධන සැපයුම අවහිර වී යානයේ එන්ජින් ක්‍රියාවිරහිත වෙනවා. සාමාන්‍ය මගී යානා වලට එවැනි ඉන්ධන සැපයුම් පද්ධති නෑ

ඒවගේම ඊලඟ කාරණාව තමයි යානයේ සැකිල්ලේ ශක්තිමත් බව (structural integrity). Inverted fly වැනි හැසිරවීමකදී (maneuvering) ඇති වන අධික ආතති, සම්පීඩන ආදී සංකීර්ණ අධික බලයන් එකතුවකට මුහුණ දීමට හැකි සේ ප්‍රහාරක යානා නිමවන අතර මගී ප්‍රවාහන ගුවන් යානා ඉතා ආරක්ෂිත තත්වයන්ට අනුව නිපදවූවද බඳේ (fuselage) විශාල ප්‍රමාණයක ඉඩක් මගීන් ආදී ඉඩකඩ සදහා වෙන්කරන බැවින් ඉහත සදහන් කල සංකීර්ණ බලවලට දිගුකාලීනව ඔරොත්තු දිය හැකි පරිදි නිපදවීම අපහසු වේ.

ප්‍රහාරක යානා වල ගුරුත්ව කේන්ද්‍රය හිතාමතාම ස්ථාපිත කරන්නේ පියාසරික තත්වයන් යටතේ බලපාන බලවලදී යානය අසමතුලිත (unstable) වන ලෙස වන අතර එයින් මෙවැනි maneuvering කිරීම පහසු වේ.

නමුත් මගී ගුවන් යානාවල ගුරුත්ව කේන්ද්‍රය අත්‍යාවශ්‍යයෙන්ම ස්ථාපිත කරන්නේ සාමාන්‍ය පියාසැරික තත්වයේදී එහි සමතුලිතතාව රැකෙන ලෙසය. එවැනි ස්ථායී සමතුලිතතාවක් ඇති යානයකින් inverted fly වැනි maneuvering කිරීම අපහසු වේ. ගුවන් මගීන් ආදීන්ට සිදුවන අපහසුතා ආදිය පසෙකින් තැබුවත් ඉහත සඳහන් මූලික කරුනු නිසා එවැනි maneuvering සාමාන්‍ය පරිදි කරන්නට බෑ. නියමුවන්ට ලබාදෙන ඒ ඒ ගුවන් යානයට අදාල aircraft flight manual වල යානාව පියාසර කල හැකි උපරිම සීමාවන් දක්වා තිබෙනවා.

අනෙක් ප්‍රධානම කාරණය නම් Passenger aircrafts සිය ගානකගේ ජීවිත වගකීමක් සහිතව තම පියාසැරියන් කරනු ලබනවා. ඒව ගුරුත්වයත් එක්ක මිනිස්සුන්ගෙ ශරීර ක්‍රියාකාරිත්වයට හානි නොවී සමබරව යන්න හදල තියෙන්නේ. මොකද අඩි දහස් ගානක් උඩ කියන්නෙ පීඩන වෙනස අඩු වැඩි වෙනවා. ඒකෙදි passengerට ඒක නොදැනෙන්න යන ඕනෙ. ඒ වගේම stability එකේ වෙනසක් වුනොත් හුස්ම ගැනීමෙ අපහසුතා පවා එන්න පුලුවන්.

මම කලින් සඳහන් කල කරුණුවලට අමතරව තවත් එක් ප්‍රධානම හේතුවක් නම් වත්මන් මගී ගුවන්‍ යානා වල පරිඝනක පද්ධතීන් වලින් පාලනය වන ස්වයංක්‍රීය පාලන සැකසුම් අනුව යානය සෑම විටම යානයේ flight envelope එක ඇතුලේ යානය තබා ගැනීම. ගුවන් නියමුවා අත්වැරැදීමකින් වුවත් ගුවන්‍ යානයේ ස්ථායීතාව බිඳ වැටෙන maneuvering එකක් කරන්න හැදුවත් පරිඝනක පද්ධති වලින් එය නවත්වනවා. 9/11 ප්‍රහාරයේදි ත්‍රස්තවාදීන් යානා වල ඒ ස්වයංක්‍රීය පාලන පද්ධතීන් විසන්ධි කර තමයි යානා ලෝක වෙලඳ මධ්‍යස්ථානයට මෙහෙයවා තිබුනේ.

දැන් ඔයාලට තේරෙනවා ඇතිනෙ මගී ගුවන්යානයක් ඇයි උඩබෙලි අතට (Inverted) ක්‍රමේට ගමන් කරන්ඩ බැරි ඇයි කියලා.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara