WhatsApp හරහා forward කරන පණිවිඩ අන්තර්ජාලය ඔස්සේ තහවුරු කරගැනීමේ පහසුකමක් අත්හදා බලයි

WhatsApp හරහා forward කරන පණිවිඩ අන්තර්ජාලය ඔස්සේ තහවුරු කරගැනීමේ පහසුකමක් අත්හදා බලයි

WhatsApp හරහා Forward කර එවන messages ගැන සොයා බැලීමට පහසු කිරීමේ යෙදුමක් WhatsApp වෙත එක් කර ඇත.

WhatsApp Platform එක මඟින් "Forwarded" ලෙස වර්ග කළ පණිවුඩ සඳහා පමණක් මේ සේවාව සැපයේ. WhatsApp පරිශීලකයන් වෙත ආරක්ෂාවක් මෙන්ම නිවැරැදි තොරතුරු දැනගැනීමත්, අසත්‍ය තොරතුරු ප්‍රචාරණය අවම කිරීමටත් මෙයින් පහසුව සැලසේ.

ඔබට Forward කරන ලද message එකක් ලැබුණ විට, එය පසෙකින් මෙවැනි අත් කාචයක සලකුණක් මතුවේ.

එය උඩ tap කිරීම මඟින් ඔබට එම message එක හා සම්බන්ධව වෙබ් සෙවුමක් යෙදිය හැක.

පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, මෙම කාර්යය සිදු කිරිමේදී අදාළ message එක පරිශීලකයාගේ web browser එක හරහා සිදු වන බව දැක්වේ. මේ ආකාරයෙන් End-to-End encryption යෙදුම සුරැකෙන අතර අදාළ පණිවුඩ වල අන්තර්ගතය WhatsApp සමාගම වෙත යැවීමක් නොකෙරේ.

2018 වර්ෂයේ සිටම WhatsApp ආයතනය විසින් Forwarded Messages, Flag කිරීම අරඹා තිබුණි. මෙම වසරේ මුලදී නීති තවත් දැඩි කරමින් එක් වරකට එක Chat එකකට වඩා මෙම පණිවුඩ forward කිරීමට සීමා පැණවුණි. මෙම නව යෙදුම මඟින් පරිශීලකයන් හට පහසුවෙන් අනවශ්‍ය දේ වලින් මිදිය හැක.

මෙම පහසුකම බ්‍රසීලය, ඉතාලිය, අයර්ලන්තය, මෙක්සිකෝව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල අද දින සිටම ක්‍රියාත්මක බව WhatsApp ආයතනය පවසයි. මෙය ඉහත රටවල Android, iOS සහ WhatsApp Web යන Platform සඳහා ක්‍රියාත්මක වේ. මෙම පහසුකම මෙම වසරේ මුල සිට WhatsApp Beta සංස්කරණ වල පැවතුණි. එමෙන්ම මේ වන විට Beta පරීක්ෂණ මට්ටමේ පවතින multi-device access හෙවත් උපාංග කීපයකින් එකවර WhatsApp භාවිතා කිරීමේ පහසුකම සහ Search by date ආදී පහසුකම් ඉදිරියේදී Stable හෙවත් සාමාන්‍ය භාවිතය සඳහා ද හඳුන්වා දෙනු ඇති.

Source - XDA Developers

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara