Notifications load එක කළමණාකරණය කිරීමේ නව පහසුකමක් WhatsApp වෙ​ත

Notifications load එක කළමණාකරණය කිරීමේ නව පහසුකමක් WhatsApp වෙ​ත

ලොව පුරා වෙසෙන පුද්ගලයන් විසින් භාවිතා කරනු ලබන සමාජ මාධ්‍ය මෙවලමක් ලෙස WhatsApp හැඳින්විය හැකියි. වර්තමානය වන විට Meta සමාගම සතුව පවතින මෙම යෙදවුම ලොව පුරා බිලියන දෙකකට අධික පරිශීලකයන් ප්‍රමාණයක් විසින් භාවිතා කරනු ලබන යෙදවුමක් වී හමාරයි.

පසුගිය දිනෙක තම පරිශීලකයන් වෙත නව පහසුකමක් හඳුන්වා දෙමින් WhatsApp හි Group එකක් සඳහා සම්බන්ධ විය හැකි පරිශීලකයන් ප්‍රමාණය 256 සිට 512 දක්වා ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා.

මෙලෙස පවතින WhatsApp Group හි පළවන පණිවුඩ මගින් දුරකථනය වෙත ලැබෙන Notification ප්‍රමාණයේ ඉහල ප්‍රවණතාවය හේතුවෙන් WhatsApp විසින් පරිශීලකයන් 256 ට ඉක්මවන Groups සඳහා ස්වයංක්‍රීයව පණිවුඩ Mute වීමේ විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

මේ අනුව යම් Group එකක් තුළ සාමාජිකයින් ප්‍රමාණය 256 ඉක්මවා 257 වන විට යෙදවුම මගින් ස්වයංක්‍රීයවම එම Group Chat එකෙහි Notification Mute කිරීම සඳහා මෙම විශේෂාංගය හඳුන්වා දිය හැකිය. කෙසේ නමුත් යම් පරිශීලකයෙකු සඳහා Group Chat එකක් පෙර පරිදි Mute කිරීමේ පහසුකමෙහි කිසිඳු වෙනසක් සිදුව නොමැති බැව වැඩිදුරටත් සඳහන් වේ.

WhatsApp විසින් මෙම පහසුකම 2.22.23.9 Version එක යටතේ ලබා දී ඇති අතර යම් පරිශීලකයෙකු හට ඉහත සඳහන් පරිදි 256 කට වැඩි පරිශීලකයන් ප්‍රමාණයක් සිටින Group Chat එකක Notification ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් මෙම Mute කිරීම ඉවත් කිරීමට ද හැකියාව ඇත.

Sources: www.digitalinformationworld.com wabetainfo.com www.gizmochina.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara